ඉන්දියාවේ 'සෙල්ෆි' තහනමක්

ඉන්දියාවේ 'සෙල්ෆි' තහනමක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 'සෙල්ෆි' ලෝලී අගමැති නරේන්ද්‍ර මෝඩි
Published

ඉන්දියාවේ ප්‍රසිද්ධ ස්මාරක ඉදිරියේ 'සෙල්ෆි' ඡායාරූප ගැනීම අද (12) සිට එළඹෙන බ්‍රහස්පතින්දා (18) දක්වා තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඉන්දීය සංචාරක අමාත්‍යංශය ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දින හතරක් පුරා ක්‍රියාත්මක වන මෙම තාවකාලික 'සෙල්ෆි' තහනම ඉන්දියාවේ සියලුම ප්‍රාන්ත වලට බලපැවැත්වෙන බවයි.

අගෝස්තු පහළොස් වෙනිදාට යෙදෙන ඉන්දියාවේ නිදහස් දින සැමරුම වෙනුවෙන් රටේ ආරක්ෂාව සහතික කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි බලධාරීන් පවසන්නේ.

ඉන්දියාවේ 'සෙල්ෆි' තහනමක්

ඡායාරූප මූලාශ්‍රය, EAP