බංග්ලාදේශයේ ඝාතන රැල්ල ඉදිරියටම

investigation officers

ඡායාරූප මූලාශ්‍රය, Focus Bangla

ඡායාරූප ශීර්ෂ වැකිය, බංග්ලාදේශයේ අපරාධ පරීක්ෂණ කණ්ඩායමක්
Published

ඉස්ලාම් සන්නද්ධකරුවන් යැයි සැක කෙරෙන පිරිසක් විසින් ගිනිකොන දිග බංග්ලාදේශයේ චිතගොං නගරයේ උසස් පොලිස් නිලධාරියෙකුගේ බිරිඳ මරා දමා ඇති බව බංග්ලාදේශ පොලීසිය පවසයි.

පුද්ගලයන් තුන්දෙනකුට තියුණු ආයුධයකින් ඇනීමෙන් පසු තම දරුවා රැගෙන පාසැල් බස්රථය වෙත ඇවිද යමින් සිටි මහුමුදා බෙගම් ට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

ඇයගේ ස්වාමිපුරුෂයා අබ්දුල් අක්තර් ඉස්ලාම් ඉහළ මට්ටමේ ඉස්ලාම් සන්නද්ධකරුවන්ට එරෙහි මෙහෙයුම් කිහිපයක්ම සිදුකළ පොලිස් නිලධාරියෙකි.

මේ අතර වයඹදිග බංග්ලාදේශයේ කිතුනු වෙළඳසැල් හිමියෙකු හඳුනා නොගත් පිරිසක් විසින් කපා කොටා මරා දමනු ලැබ තිබේ.

නතෝර් දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම ඝාතනයට හේතුව අපැහැදිලි බවයි පොලීසිය පවසන්නේ.

එහෙත් මෙම ප්‍රහාරය සුළු ආගමික කණ්ඩායම් සහ අනාගමික ක්‍රියාධරයන් ඉලක්ක කරගෙන පසුගිය මාස කිහිපය තුළ සිදුවූ ඝාතන රැල්ළේ සිදුවීම වලට සමාන බවයි පෙනී යන්නේ.