අලි බලපත් සියල්ල අහෝසි කරනවා -ඇමති

    • Author, තිසර අරවින්ද රතුවිතාන
    • Role, බීබීසී
  • Published

අලි ඇතුන් සඳහා දැනට නිකුත් කරනු ලැබ ඇති බලපත් සියල්ල අහෝසි කර නව බලපත් නිකුත් කිරීම සඳහා අයදුම් පත් කැඳවන බව වනජීවී අමාත්‍ය නවින් දිසානායක පවසයි.

නැවත ලියාපදිංචි කිරීමේ යාන්ත්‍රණය සඳහා නව තාක්ෂණික ක්‍රම වේදයක් යොදා ගැනීමට කටයුතු සැලසුම් කර ඇති බවද බීබීසීය සමඟ පවතී සාකච්ඡාවකදී ඇමතිවරයා තව දුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදී අලියාගේ ඡායාරූපය වෙනුවට ඉලෙක්ට්‍රොනික කර පටියක් භාවිතා කිරීම ද යෝජනා වී ඇති බව ද ඔහු පැවසීය.

නව රෙගුලාසි

එසේම අලි ඇතුන් ඇති කරන්නන්ට බල පැවැත්වෙන නව රෙගුලාසි මාලාවක් ද නිකුත් කිරීමට නියමිතයි.

මෙය 1990 වසරේ පටන් බල පැවැත්වෙන පැරණි රෙගුලාසිවල ඇති අඩුපාඩු වලට විසඳුමක් හැටියට ක්‍රියාත්මක කෙරෙන්නක් බවයි බලධාරීන් පවසන්නේ.

අලි රොෂාන් නැමැත්තෙකු හරහා සිදු වී ඇති ජාවාරම් පිළිබඳව පරීක්ෂණ දිගටම සිදු කෙරෙන බවත් නවින් දිසානායක අමාත්‍යවරයා බීබීසීයට ප්‍රකාශ කළේය.