දින 167කට පසු නිදහස ලැබූ අන්තරේ වසන්ත ඊළඟ අරගලය ගැන කියයි
Published
ආණ්ඩුව ඉදිරියේ දණ ගැසීමට සුදානම් නොවන බවත්, රජය ජනතාවට ඇති කර තිබෙන පීඩාවට එරෙහිව තවදුරටත් අරගල කරන බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා පිටව යන අවස්ථාවේදී පැවසුවේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 89ක් රඳවා තබා ගෙන ඉන්පසු තවත් දින 78ක් රක්ෂිත බන්ධනාගාර ගත සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (පෙබරවාරි 01) ඇප මත නිදහස ලැබුවේය.
''ආණ්ඩුවට ඕනෑකම තිබුණේ අපිව හිර කරලා, ඝාතනය කරන්න පුළුවන් නම් භාතනය කරලා දාන්න. ඒවාට සැලසුම් කළේ කොහොමද ? මොන තැන්වලට ද අරන් ගියේ කියලා හෙට විශේෂ මාධ්‍ය හමුවක් තියලා කියන්නම්.'' යනුවෙන් ඔහු වැඩිදුරත් ප්‍රකාශ කළේය.
