සරසවි සිසුන්ට පොලීසිය එලව එලවා පහර දෙයි.අන්තරේ කැඳවුම්කරු,ශිෂ්‍යයන් සහ ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට.
Published
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයට සහභාගී වූ පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය අද සවස පියවර ගන්නා ලදී.
එහිදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්ලෑවේ සිරිධම්ම හිමි සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන චින්තක රාජපක්ෂ ඇතුලු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
පොලිසිය පවසන්නේ සරසවි සිසුන් ඇතුලු විරෝධතාකරුවන් පොලිස් අණ නොතකා ක්‍රියා කිරීම නිසා මෙම පියවර ගත්බවයි.