ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: පවතින දේශපාලන අස්ථාවරභාවය ආර්ථිකයට බලපාන්නේ කොහොමද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අස්ථාවරභාවය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද?
Published

රට පත්ව ඇති තත්ත්වයේ බරපතලබව සියලු දෙනාම අවබෝධ කරගත යුතුබව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ බීබීසිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ය.

ජනතාව විඳින පීඩා අවම කිරීමට නම් ස්ථාවර දේශපාලන තත්ත්වයක් අනිවාර්යෙන්ම අවශ්‍යයැ යි ඔහු පවසයි.

"මේ ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා තියෙන්නේ ක්‍රම දෙකයි," මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කරයි.

කෙසේ නමුත් දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිව මෙම පියවර සඳහා එළැඹිය නොහැකිබව ඔහු අවධාරණයකර සිටියේ ය.

මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි, මෙම ක්‍රියාමාර්ගයන් අසාර්ථක වුණහොත් "ජනතාවට ජීවත්වීමට බැරි තත්ත්වයක්" ශ්‍රී ලංකාවේ උදාවිය හැකි ය.