"ජනපතිවරයා මෙන්ම අගමැතිවරයා ද ඉවත් වන තුරු සටන අත්හැරිය නොහැකියි. " - හිරුණිකා
Published
ජනපතිවරයා මෙන්ම අගමැතිවරයා ද ඉවත් වන තුරු සටන අත්හැරිය නොහැකි බව සමගි ජන බලවේගයේ වනිතා ඒකකයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බීබීසීයට පැවසුවාය.
''රනිල් වික්‍රමසිංහ හොඳ මොලයක්, උගතෙක් කියන එක කතා කරන්න දෙයක් නෑ. නමුත් ඔහු ඒ වටිනාකම් හැමදාම පාවිච්චි කළේ ඔහුගේ පුටුව රැක ගන්න. ඔහුට පොහොට්ටුවේ සහය ලැබෙන්නත් පුළුවන්. ඒක පරාජය කළ යුතුයි.'' යනුවෙන් ඇය වැඩිදුරත් පැවසුවාය.
එමෙන්ම අරගලකරුවන් අත්පත්කරගත් ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය තුළ සිදු කෙරෙන පොදු දේපල විනාශ කිරීමේ ක්‍රියා කිසිසේත් අනුමැත කළ නොහැකි බව ද ඇය පවසන්නීය.
.