බොදු බල සේනාවට මඩකලපුවේ තහංචි

බොදු බල සේනාවට මඩකලපුවේ තහංචි
ඡායාරූප ශීර්ෂ වැකිය, මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමන රතන හිමි
Published

මඩකලපුවේ සංවිධානය කෙරුණ වැඩසටහනක් සඳහා ගමන් ගනිමින් සිටි බොදු බල සේනා සහ රාවණා බලය සංවිධානයේ සාමාජිකයන් පිරිසකට අධිකරණ නියෝගයක් අනුව එහි ළඟා වීමට අවසර ලබා නොදීම මුල්කර ගනිමින් උණුසුම් තත්වයක් හට ගැනිණි.

එම වැඩසටහන මගින් ප්‍රදේශයේ සාමයට බාධා ඇතිවීමේ අවදානමක් පවතින බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණි.

ඒ බව සැලකිල්ලට ගත් මඩකලපුව සහ එරාවුර් අධිකරණ බොදු බල සේනා සහ රාවණා බලය සංවිධානයේ සාමාජිකයන්ට මඩකලපුව දිස්ති‍්‍රක්කයේ ඇතැම් ස්ථානවල ඇතුළු වීම වළකමින් නියෝග නිකුත් කොට ඇත.

காவலர்கள் குவிப்பு

එම තහනමට හේතු විමසමින් මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමන රතන හිමියන් ඇතුළු පිරිසක් නගරයේ හරස් මාර්ග ඔස්සේ පෙළපාලි යාමට ගත් උත්සාහය ද පොලිසිය විසින් වළකනු ලැබිණ.

පොලිසියේ එම ක්‍රියාමාර්ගයට විරෝධය පළ කළ පිරිස දුම්රිය මාර්ග හරස් කර තිබෙන අතර ඒ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වූ බවත් වාර්තා වේ.