මහ ලේකම් අගමැති සාකච්ඡා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
Published
තෙදින නිල සංචාරයක් සඳහා අද(31) ශ්‍රී ලංකාවට සැපත් වූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් ශ්‍රී කොළඹ දී අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කළේය.
මහ ලේකම්වරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක ආර් සම්බන්ධ සමඟත් සාකච්ඡා කිරීමට නියමිතයි.
'සංහිඳියාව සහ සහජීවනයේ දී තරුණ පරපුරේ භූමිකාව' යන මැයෙන් හෙට (01) ගාල්ලේ පැවැත්වෙන සමුළුවකට සහභාගි වන මහ ලේකම් බැන් කි මූන්, බ්‍රහස්පතින්දා යාපනයේ නැවත පදිංචි කළ ගම්මාන නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කි මූන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන දෙවන අවස්ථාව මෙයයි.
ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පවත්වනු ලබන දේශනයක් ද ඔහුගේ තුන් දින න්‍යාය පත්‍රයට ඇතුළත් වෙයි.
























