රියෝ 2016 ශ්‍රී ලංකා කණ්ඩායම ජනපති හමුවෙයි

ජනාධිපතිවරයාගෙන් ශුභපැතුම්
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපතිවරයාගෙන් ශුභපැතුම්
Published

2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක කණ්ඩායම අද (21) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන හමු විය.

ජනාධිපති නිල නිවසේදී ක්‍රීඩික ක්‍රීඩිකාවන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ට ශුභ පැතීය.

රට වෙනුවෙන් ජයග්‍රහණ අත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය ආශිර්වාදය ලැබෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ අතර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දර හතරක් සහ මුල් දින කවරයක් එළිදක්වා ඇත.

රියෝ 16 ශ්‍රී ලංකා කණ්ඩායම
ඡායාරූප ශීර්ෂ වැකිය, රියෝ 16 ශ්‍රී ලංකා කණ්ඩායම

ඒවා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ඉහත කී ක්‍රීඩක හමුවත් සමඟ සිදු කෙරිණ.