ඊශ්‍රායල් පාර්ලිමේන්තුව තුළ නොසන්සුන් තත්ත්වයක් ඇතිවූයේ ඇයි?

වීඩියෝ ශීර්ෂ වැකිය, ‘අරාබිවරුන් මරා දැමීම ගැන කතා කරන එක නවත්තලා යුදෙව්වෝ බේරා ගන්න එක ගැන කතා කරනවද ?’
ඊශ්‍රායල් පාර්ලිමේන්තුව තුළ නොසන්සුන් තත්ත්වයක් ඇතිවූයේ ඇයි?
Published

ඊශ්‍රායල් ආණ්ඩුවේ අන්ත දක්ෂිණාංශික මන්ත්‍රීවරුන් සහ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සමාජිකයින් අතර ඊශ්‍රායල පාර්ලිමේන්තු කමිටු සැසිවාරයක දැඩි විවාදාත්මක තත්ත්වයක් හටගත්තේය.

ඊශ්‍රාලය විසින් අත්අඩංගුවට ගෙන සිටින හමාස් තුවක්කුකරුවන්ට මරණීය දණ්ඩනය පැනවීමේ නීතියක් පිළිබඳව කමිටුව විසින් සාකච්ඡා කරනු ලැබීය.

ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසු හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන් පැවසුවේ මෙය තම ආදරණීයයන්ගේ ජීවිත අවදානමට ලක් කරන බවයි.