හය ශ්‍රේණිය සමත් ඇෆ්ඝන් සිසුවියන් අවිනිශ්චිත අනාගතයකට මුහුණදෙයි

වීඩියෝ ශීර්ෂ වැකිය, හය ශ්‍රේණිය සමත් ඇෆ්ඝන් සිසුවියන් අවිනිශ්චිත අනාගතයකට මුහුණදෙයි
හය ශ්‍රේණිය සමත් ඇෆ්ඝන් සිසුවියන් අවිනිශ්චිත අනාගතයකට මුහුණදෙයි
Published

පසුගිය සතියේ, ඇෆ්ඝනිස්ථානයේ හයවන ශ්‍රේණියේ පාසල් සිසුවියන් ඔවුන්ගේ අවසාන විභාගයට පෙනී සිටි අතර, එය තාලිබාන් පාලනය යටතේ ඔවුන්ගේ අධ්‍යාපනයේ අවසානය සනිටුහන් කරන බැවින් දැන් ඔවුන්ගේ අනාගතය ගැන බියෙන් පසුවෙයි.

2021 දී තාලිබානය යළි බලයට පැමිණීමෙන් පසු, පාලකයින් දැරියන්ට හයවන පන්තියෙන් ඔබ්බට පාසල් යෑම තහනම්කර ඇත.

වයස අවුරුදු 12ක් පමණ වන මෙම දැරියෝ, තමන්ට අධ්‍යාපනය තහනම්කර ඇති බැවින් තම අරමුණු දැන් හුදු ආශාවන්බවට පත්ව ඇති නමුත්, සමවයස් පිරිමි ළමයින්ට කිසිදු සීමාවකින් තොරව ඔවුන්ගේ සිහින හඹා යෑමට හැකිබව බීබීසීයට පැවසුවෝ ය.

වැඩි විස්තර දැනගැනීම සඳහා බීබීසී පර්සියානු සේවය මෙවැනි ගැහැණු ළමයින් කිහිපදෙනෙකුට කතා කළේ ය.