පළාගිය ඇෆ්ඝනි සංගීත සිසුන්: ‘තාලිබාන් එක නැතිවුණාම මං ගෑනු ළමයින්ට සංගීතය උගන්නන්න ආපිට ඇෆ්ඝනිස්ථානෙට යනවා’
Published
2021 අගෝස්තුවේ දී ඇෆ්ඝනිස්ථානය තාලිබානය විසින් අත්පත්කර ගැනීමෙන් පසු, ප්‍රසිද්ධියේ සංගීතය වාදනය කිරීම සහ සවන්දීම තහනම් කෙරිණ. තාලිබාන් සංවිධානය පවසන්නේ එය 'ඉස්ලාමික නොවන' බව යි.
ඔවුන් යළි බලයට පත්වීමෙන් පසු කාබුල්හි ඇෆ්ඝනිස්ථාන ජාතික සංගීත ආයතනයේ දොරවල් වසා දැමූ අතර සංගීත පාසලේ සිසුන්ට රට හැර පළායාමට සිදුවිය.
නමුත් මේ වන විට, අධිෂ්ඨානශීලී තරුණ සංගීතඥයින් පිරිසක ඇෆ්ඝනි සංගීතය ජීවමානව තබාගැනීමේ සටනක යෙදෙමින් නැවතත් ජාත්‍යන්තර වේදිකාවට පැමිණ සිටියි.
