හමාස් ප්‍රහාරයෙන් මියගිය අනුලාගේ අවසන් කටයුතු හෙට

වීඩියෝ ශීර්ෂ වැකිය, අවසන් කටයුතු හෙට කැලණිය, වේවැල්දූව පොදු සුසාන භූමියේ දී සිදු කරන බව පවුලේ ඥාතීහු පවසති.
හමාස් ප්‍රහාරයෙන් මියගිය අනුලාගේ අවසන් කටයුතු හෙට
Published

හමාස් සංවිධානයේ ප්‍රහාරයකින් මිය ගිය ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වූ අනුලා ජයතිලකගේ දේහය අද (ඔක්තෝම්බර් 29) කැලණියේ පිහිටි නිවසට රැගෙන එනු ලැබීය.

අවසන් කටයුතු හෙට කැලණිය, වේවැල්දූව පොදු සුසාන භූමියේ දී සිදු කරන බව පවුලේ ඥාතීහු පවසති.

ඇගේ දේහය ඔක්තෝම්බර් 23 වැනි දා හඳුනා ගැනුණු අතර 25 දා ඊශ්‍රායලයේ දී අවසන් ගරු බුහුමන් දැක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී.