ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ළමා ලිංගික අපයෝජන අන්තර්ගතයන් ප්රවර්ධනය කරන දැන්වීම් Instagramහි ප්රදර්ශනය වන බව BBC අනාවරණය කරයි
BBC Eye විමර්ශනයකට අනුව, ඉන්දියාව තුළ Instagram වේදිකාව හරහා ළමා ලිංගික අපයෝජන අන්තර්ගතයන් (CSAM) ප්රවර්ධනය කෙරෙන වෙළෙඳ දැන්වීම් (Paid advertisements) මගින් Meta සමාගම ආදායම් උපයන බව අනාවරණය වී තිබේ.
එවැනි අන්තර්ගතයන් තහනම් කෙරෙන දැඩි ප්රතිපත්ති පද්ධතියක් ක්රියාත්මක වුව ද, ළමුන් සම්බන්ධ ලිංගික දර්ශන මෙන් ම ලිංගික ඉඟි සහිත වෙළෙඳ දැන්වීම් රැසක් BBC ආයතනය එහිදී හඳුනාගෙන ඇත. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Meta සමාගම පවසන්නේ, තම වේදිකා තුළ ළමා සූරාකෑම වැළැක්වීම සඳහා උපරිම පියවර ගන්නා බව ය.
එමෙන් ම, සමාගම් ප්රතිපත්ති උල්ලංඝනය කරන වෙළෙඳ දැන්වීම් වහා ම ඉවත් කිරීමටත්, අදාළ නීති විරෝධී අන්තර්ගතයන් පිළිබඳව වගකිවයුතු බලධාරීන් දැනුවත් කිරීමටත් කටයුතු කරන බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.