ගලමුදුන: කඳු, පල්ලම් තරණය කරමින් ඡන්ද පොළට ගිය ගම්මුන්
ගලමුදුන: කඳු, පල්ලම් තරණය කරමින් ඡන්ද පොළට ගිය ගම්මුන්
Published
මහනුවර දිස්ත්‍රික්කයේ,මිනිපේ ප්‍රාදේශීය සභාවට අයත් ඉතා දුෂ්කර ගම්මානයක් වන ගලමුදුන ගම්මානයේ ජනතාව පසුගිය දා පැවති ජනාධිපතිවරණයට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේ මෙලෙසයි.
මෙම ගම්මානයට ඇති එකම පිවිසුම් මාර්ගය ඇත්තේ දුන්ගොල්ල හරහායි. දුන්ගොල්ල සිට ගලමුදුනට කි.මී. 7කට ආසන්න දුරක් තිබේ. දැනට එහි පවුල් 36 ක් ජිවත් වේ.
ක්‍රමවත් යටිතල පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් නොමැති වීමෙන් මෙම ජනතාව දැඩි ලෙස පිඩාවට පත්ව තිබේ. මේ හේතූවෙන් ජනතාව අලින්ගේ ප්‍රහාර සහ සර්ප දෂ්ඨනයන්ට ලක්වීම නිරන්තරව සිදුවේ.
ගලමුදුන ගම්මානයට අයත් රජයේ එකම ගොඩනැගිල්ල වන ගලමුදුන කනිෂ්ඨ විද්‍යාලයට පසුගිය දා පැවති ජනාධිපතිවරණයට ඡන්ද පෙට්ටි රැගෙන මැතිවරණ නිලධාරීන් පැමිණියේ ද පාගමනින් වීම විශේෂත්වයකි.
වාර්තාකරණය : චානුක සිටුගේ
නිෂ්පාදනය සහ සංස්කරණය : සිදේශ් අනුරංග තෙන්නකෝන්









