'ග්‍රාම නිලධාරී හමුවෙන්න කිලෝමීටර් 66ක් යන්න ඕනා'

වීඩියෝ ශීර්ෂ වැකිය, ''ඉලුක්පැලැස්ස ගමට ග්‍රාම නිලධාරී එන්නේ මාසෙට දවසයි''
'ග්‍රාම නිලධාරී හමුවෙන්න කිලෝමීටර් 66ක් යන්න ඕනා'
Published

ජනතාවට සේවාව සපයන සමීපම රාජ්‍ය නිලධාරියෙකු වන ග්‍රාම නිලධාරී හමුවීම සඳහා කිලෝමීටර් 66ක දුර ගෙවාගෙන යා යුතුව ඇතැයි බදුල්ල දිස්ත්‍රිකයේ, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොස්ගම ග්‍රාම නිලධාරී වසමට අයත් ඉලුක්පලැස්ස ගමේ ජනතාව පවසති.

ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යෑමට නම් ග්‍රාම නිලධාරී කාර්යාලයේ සිට තවත් කිලෝමීටර් 14ක් ගමන් කළ යුතුය.

නමුත් ඔවුන්ට ආසන්නම ඇති ග්‍රාම නිලධාරී කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වන කල්තොටට ඇත්තේ කිලෝමීටර් 2ක පමණ කෙටි දුරකි.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මහලන්ද ග්‍රාම නිලධාරී වසමේ ජනතාව ද මෙවැනිම පරිපාලන සීමා ගැටලුවකට මුහුණ දෙති.

නමුත් සීමා නිර්ණ කොමිසමේ කිසිඳු නිර්දේශයක් ක්‍රියාත්මක නොවීම නිසා ඔවුන්ට සහනයක් සැලසීමට නොහැකි වී ඇති බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන BBC සිංහල වෙත පැවසුවේය.