‘අපි කවදාවත් මේ වගේ දෙයක් දැකලා නැහැ.’
‘අපි කවදාවත් මේ වගේ දෙයක් දැකලා නැහැ.’
Published
ඇමසන් වනාන්තරය පසුගිය මාස කිහිපය තුළ වාර්තාගත දරුණුතම නියඟයකට මුහුණ දී තිබේ.
එහි එක් ප්‍රධාන ගංගාවක් වසර සීයක ඉතිහාසය තුළ අවම ජල මට්ටම වාර්තා කර තිබේ. එබැවින් ගංඟා ඔස්සේ බෝට්ටු මගින් වනාන්තරය ආශ්‍රිත ගම්මානවලට ළඟා විය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.
ඝන වනාන්තරය මැද ලැව් ගිනි ඇවිළී වන සතුන් ද මිය යයි. ලෝකයේ විශාලතම වනාන්තරය යළි පෙර තත්ත්වයට පත් කළ නොහැකි මෙවැනි විනාශයකට මුහුණ දී තිබීම ගැන විද්‍යාඥයෝ කණගාටුව පළ කරති.








