'මගේ නෝනා බඩගින්නෙ මැරිලා ගියා' - ගිය වසරේ නියඟයෙන් සෝමාලියාවේ 43 000ක් මියගිය බවට ඇස්තමේන්තු
Published
අසාර්ථක වැසි සමයන් කිහිපයකින් පසු, ගිය වසරේ සෝමාලියාවේ පුද්ගලයන් 43 000ක් පමණ මියයන්නට ඇතැ යි සෝමාලියානු රජයේ සහ එක්සත් ජාතීන්ගේ නව වාර්තාවක් පෙන්වා දෙයි.
එය අප්‍රිකානු තුඩුව ප්‍රදේශයේ නියඟයෙන් මියගිය තැනැත්තන් පිළිබඳ පළමු නිල මරණ සංඛ්‍යාව යි. මරණවලින් අඩක් වයස අවුරුදු පහට අඩු ළමුන්බව සැලකෙයි.
එම වාර්තාව විසින්, මෙවසරේ දී මේ දක්වා තවත් මරණ 34 000ක් පමණ සිදුව ඇතැ යි පුරෝකථනය කරයි.


