බිහාරයේ 'දලිත්' ගමක් ගිනිබත් කෙරෙයි

2015 ඔක්තෝම්බර් මාසයේ දලිත් කුල පීඩිත ජනතාවට එල්ල කළ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙක් පුළුස්සා මරා දැමුණි. දරුවන්ගේ පියා මහ ඇමතිවරයාට කියා සිටියේ තමන් නැගිටින විට දරුවන් බේරා ගැනීමට පමා වී තිබූ බවයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, 2015 ඔක්තෝම්බර් මාසයේ දලිත් කුල පීඩිත ජනතාවට එල්ල කළ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙක් පුළුස්සා මරා දැමුණි. දරුවන්ගේ පියා මහ ඇමතිවරයාට කියා සිටියේ තමන් නැගිටින විට දරුවන් බේරා ගැනීමට පමා වී තිබූ බවයි.
Published

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නවාඩා දිස්ත්‍රික්කයේ 'දලිත්' පීඩිත කුල වල ජනතාව ජීවත් වන නිවාස අසූවක් පමණ එම ප්‍රදේශයේ වෙසෙන බලවත්තු විසින් ගිනි තබා විනාශ කරනු ලැබ ඇත.

මෙම දරුණු ගිනි තැබීම් හේතුවෙන් මේ වන විට දෙසීයකට ආසන්න පිරිසක් සිය නිවෙස් අහිමිව අවතැන්ව සිටින බවයි පැවසෙන්නේ.

'දලිත්' කුල පීඩිත ජනතාව විසින් සිය නිවෙස් ගොඩනගා තිබූ රජයේ ඉඩම් අත්හැර යාමට අකමැත්ත පළ කළ බවට ඔවුන්ට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා පාදක කර ගෙන මෙම ගිනි තැබීම් සිදු වන්නට ඇති බවටයි වාර්තා මගින් සැක පළ කෙරෙන්නේ.

බිහාර් ප්‍රාන්තයෙ මහ ඇමති නිතිෂ් කුමාරගේ මැතිවරණ පොරොන්දු පත්‍රයේ ප්‍රධාන ප්‍රතිෂ්ඨාවක් වූයේ එම ප්‍රාන්තයේ වෙසෙන 'දලිත්' කුල පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් රැකීමයි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී දිල්ලි නුවර අසල 'දලිත්' පීඩිත කුලයට අයත් පවුලක් ජීවත් වූ නිවසකට එම ප්‍රදේශයේ ඉහළ යැයි සැලකෙන කුල වල පිරිසක් විසින් ගිනි තැබූ අතර එහිදී දරුවන් දෙදෙනෙකු පන පිටින් පුළුස්සනු ලැබීය.