ජපානයේ ජන හිඟයක්

Published

පසුගිය වසර පහක කාලය ඇතුළත ජපානයේ ජනගහනය දශ ලක්ෂයකට ආසන්න මට්ටමකින් පහත වැටී ඇති බව අලුත්ම ජන සංගණන වාර්තාවකින් පෙන්වා දෙයි.

1920 න් පසුව ජපන් ජනගහනයේ මෙවැනි පහත වැටීමක් පෙන්නුම් කෙරුණ පළමු වතාව මෙයයි.

උපත් අනුපාතයේ පහත වැටීම සහ සංක්‍රමණිකයන්ගේ අඩුව හේතුවෙන් රට තුළ ජනගහන අවනතියක් ඇති විය හැකි බවට ජපානයේ ජනගහන විද්‍යාඥයන් දිගු කාලයක පටන්ම අනාවැකි පළ කර තිබුණි.

ඉදිරි කාලය තුළ එම ජන සංඛ්‍යාත්මක අවනතිය තවත් දරුණු විය හැකි බවත් පැවසෙයි.

2050 වන විට ජපානයේ ජනගහනයෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු හැටපහක් හෝ ඊටත් වැඩි වයස් කරුවන් විය හැකි බව ජනගහනය සම්බන්ධයෙන් ජපන් ආණ්ඩුව විසින් සිදු කරන ලද සමීක්ෂණ මගින් ඇස්තමේන්තු කරනු ලැබ ඇත. එවැනි ජනගහන රටාවක් ප්‍රතිවිපාකය වන්නේ මහලු වැඩිහිටි පරපුර නඩත්තු කිරීම සඳහා සිදු කරන වියදම් ඉතා අධික වීමයි.