වහල් නැවක් ප්‍රදර්ශනයේ

නෞකාව සුභ පැත්මේ තුඩුව ආසන්නයේ දී මුහුදු බත් වී ඇත්තේ 1794 වසරේදියි
ඡායාරූප ශීර්ෂ වැකිය, නෞකාව සුභ පැත්මේ තුඩුව ආසන්නයේ දී මුහුදු බත් වී ඇත්තේ 1794 වසරේදියි
Published

වහලුන් ප්‍රවාහන කිරීම සඳහා යොදා ගත් වසර දෙසීයක් පමණ පැරණි නෞකාවක කොටස් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයේ කෞතුකාගාරයක දී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

සාඕ ජොසේ පැකුටේ ඩි ඇෆ්රිකා නැමති පෘතුගීසි නෞකාව සුභ පැත්මේ තුඩුව ආසන්නයේ දී මුහුදු බත් වී ඇත්තේ 1794 වසරේදියි.

ඇමෙරිකානු සහ දකුණු අප්‍රිකානු කිමිදුම්කරුවන් විසින් සොයාගත් නැවේ තිබූ යකඩ පොලු සහ විලංගු කේප් ටවුන් හි ඉසිකෝ කෞතුකාගාරයේ දී ප්‍රදර්ශනය කරනු ඇති බවයි වාර්තා වන්නේ.

නැව සමග ගිලී ගිය දෙසීයකට අධික වහලුන් වෙනුවෙන් අනුස්මරණ දේව මෙහෙයක් කේප් ටවුන් වෙරළ තීරයේ පැවැත් වීමට නියමිතයි.