ප්‍රසිද්ධියේ හාදු දී පොලිසියේ

Published

ඉන්දියාවේ කොචින් වෙරළට රැස් වී අත්වැල් බැඳ ගෙන ප්‍රසිද්ධියේ සිප ගනිමින් විරෝධතාවක් දියත් කිරීමට ගත් උත්සාහයක් වළකාලීමේ අරමුණින් ඉන්දීය පොලිසිය තිස් දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ පසුගිය දිනෙක හින්දු අන්තවාදීන් විසින් අවන්හලක මෙහෙයුමක් දියත් කර අනුරාගය දනවන අයුරින් හැසිරෙන පුරුෂයන් හා කාන්තාවන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කිරීමෙන් අනතුරුවයි.

මේ සඳහා මැදිහත් වීමට ඉන්දීය මහාධිකරණය ප්‍රතික්ෂේප කර ඇති නමුත් නීතිය හා සාමය රැකීම සඳහා මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කළ බවයි ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියා පවසන්නේ.