මුහුද පතුලේ ජීවත් වෙන්න කැමතිද?

Published

මුහුද යට සැඟවිය හැකි නිවාස ජේම්ස් බොන්ඩ් චිත්‍රපට වලට සීමා නොවී ප්‍රායෝගික ලොව ජනයාගේ සිහින නිවාස බවට පත් වීම වැඩි දුරක නොවෙයි.

නමුත් මුහුද යට සුඛෝපභෝගී ආපන ශාලා, හෝටල් සහ පර්යේෂණ ආයතන ගොඩ නැගීමෙන් මුහුදු පරිසරය දූෂණයට ලක් වීමේ අවදානම ඉහලයි.

මයිකල් ෂූට් නමැති ඉංජිනේරුවා පවසන්නේ මුහුද අසල නිවාස ගොඩ නැංවීමට විශාල මුදලක් වැය කිරීමට සුදානම් පුද්ගලයින්ට මුහුද යට ගොඩ නගන නිවාස සැබෑ කර ගත හැකි සුන්දර සිහිනයක් වනු ඇති බවයි.

තව දුරටත් සිය සිතෙහි නිර්මාණය වුනු අදහස් විස්තර කරමින් ඔහු කියා සිටියේ කොරල් පර නරඹමින් සැන්දෑ කාලය ගත කිරීමට හැකි මුහුද යට ගොඩ නැගූ සුඛෝපභෝගී අවන් හලකට අමුත්තන් ගෙන යාම සඳහා සබ්මැරීන් සේවාවක් උචිත වනු ඇති බවයි.

ප්‍රධාන දොරටුව

ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඩෙනිස් සහ ක්ලෝඩියා මුහුදු පතුලේ ජීවත් වීමේ සිහිනය සැබෑ කර ගත් යුවලකි.

ඔවුන්ගේ බලාපොරොත්තුව ලොව පළමු සාගර ජනපදය ඇති කිරීම වන අතර තමන් සමග එකතු වීමට කැමති පුද්ගලයන්ට අයැදුම් පත් ඉදිරිපත් කිරීමට අවස්ථාවද ලබා දී තිබේ.

ඔවුන් කියා සිටියේ මුහුදු පත්ලේ සිය නිවසට ප්‍රධාන දොරටුවක් නැති අතර එය මුහුදු ජලයෙන් තෙත් වූ පෝටිකෝවක් හරහා ඇතුළු විය හැකි වන සේ ගොඩ නගා ඇති බවයි.