බොස්නියානු ඝාතන වලට ඕලන්දයත් වගකිව යුතුයි

Published

1990 බොස්නියානු යුද සමයේ සේබ්‍රෙනිට්සා පළාතේ දී ඝාතනය කෙරුණ තුන් සීයකට අධික බොස්නියානු මුස්ලිම් ජාතිකයන්ගේ මරණ සම්බන්ධයෙන් ඕලන්ද ආණ්ඩුව වගකිව යුතු බව නෙදර්ලන්ත අධිකරණයක් තීන්දු කරයි.

සිය පිරිමි ඥාතීන්ගේ ජීවිත බේරා දීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ඕලන්ද ආණ්ඩුව වගකිව යුතු බවයි, ආණ්ඩුවට එරෙහිව නඩුවක් ගොනු කරමින් සේබ්‍රෙනිට්සා හී මව්වරු නමැති කාන්තා සංවිධානය කියා සිටියේ.

සේබ්‍රෙනිට්සා ආසන්නයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානයක රැකවරණ පැතූ දහස් ගණනක් පුරුෂයන් සහ පිරිමි ළමුන් එහි සිටි ඕලන්ද සාම සාධක භටයන් විසින් බොස්නියානු සර්බ් හමුදා වෙත භාර දෙනු ලැබිණ.

බොස්නියානු සර්බ් හමුදා විසින් එම පිරිස ඝාතනය කරනු ලැබුන අතර එම ජන ඝාතනය සැලකෙන්නේ දෙවන ලෝක යුද සමයට පසු යුරෝපයේ සිදු වූ ම්ලේච්ඡතම සමූහ මිනිස් ඝාතනය හැටියටයි.