ඉන්දීය දුම්රිය අනතුරින් විස්සක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Reuters
Published
උතුරු ඉන්දියාවේ ‘උත්තර ප්‍රදේශ්’ ප්‍රාන්තයේ දුම්රියක් ගැටීමෙන් අඩු තරමින් මගීන් විසි දෙනකුවත් මරණයට පත් වන්නට ඇතැයි ඉන්දියානු වාර්තාවන්හි දැක්වෙයි.
‘චුරෙබ්’ නැවතුම් පොලෙහි නතර කර තිබුණ භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන දුම්රියක ගැටුණ මගී දුම්රියේ මැදිරි කීපයක් ම පීලි පැන තිබුණ බවත් එම වාර්තා මගින් පැවසෙයි.
අනතුරට ලක් වූ දුම්රියේ හානියට පත් මැදිරි තුළ මගීන් ගණනාවක් හිර වී සිටියහ.























