දාර කැස්බෑ බිත්තර 'දහස් ගණනක් විනාශ කරලා'

ඡායාරූප මූලාශ්‍රය, The Press Association
Published
වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින කැස්බෑ විශේෂයකගේ බිත්තර දහස් ගණනක් උතුරු ට්‍රිනිඩෑඩ් වෙරළ තිරයේදී විනාශ කොට ඇතැයි පරිසර වේදීහු බිය පළකරති.
වෙරළ ඛාදනය නැවත්වීම සඳහා බර යන්ත්‍ර සුත්‍ර යොදාගෙන ග්‍රෑන්ඩ් රිවීඑරේ ගඟේ ගමන් මග වෙනස් කිරීමට ට්‍රිනිඩෑඩ් රජයේ සේවකයන් පියවර ගත් අවස්ථාවේදී දාර කැස්බෑවන් බිත්තර දමන වෙරළ තීරයක්ම විනාශ වී තිබේ.
ලොව විශාලතම මුහුදු කැස්බෑ වර්ගයක් වන දාර කැස්බෑවන් නැරඹිය හැකි හොඳම ස්ථානය හැටියට සැලකෙන්නේ උතුරු ට්‍රිනිඩෑඩ් වෙරළ තීරයයි.
එහි සැතපුමක පමණ කලාපයක් දාර කැස්බෑවන් බිත්තර දමන විශාලතම වෙරළ කලාපය හැටියටද සැලකේ.
ප්‍රදේශයේ පරිසර වේදීන් විසින් දාර කැස්බෑ වන් පන්සීයක් පමණ බේරාගෙන ඇති අතර සිදුවීම සම්බන්දයෙන් ට්‍රිනිඩෑඩ් රජය මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නැහැ.























