යෙව්ජීනි ප්‍රිගෝෂින් : වාග්නර් කුලී හේවා බළකායේ ප්‍රධානීයා ගමන් කළ ජෙට් යානය කඩා වැටුණු දර්ශන
Published
රුසියානු බලධාරීහු පවසන්නේ මොස්කව්හි වයඹ දෙසින් කඩා වැටුණු ගුවන් යානයේ සිටි මගීන්ගේ ලැයිස්තුවේ වාග්නර් කුලී හේවා කණ්ඩායමේ ප්‍රධානියා වන යෙව්ජීනි ප්‍රිගෝෂින්ගේ සිටි බවයි.
රුසියාවේ හදිසි තත්ත්වයන් පිළිබඳ අමාත්‍යාංශය පවසන්නේ පෞද්ගලික ගුවන් යානය ටිවර් කලාපයේ කුෂෙන්කිනෝ ගම්මානය අසලින් කඩා වැටී ඇති අතර සියලු දෙනා මිය ගොස් තිබේ.
ජෙට් යානය මොස්කව් සිට ශාන්ත පීටර්ස්බර්ග් දක්වා පියාසර කරමින් සිටි බවත් කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු සිටින බවත් වාර්තා වේ.

