ඇෆ්ගනිස්ථානය : සංගීතය හරහා තලිබාන් පාලනයට එරෙහි වන ඇෆ්ගන් කාන්තාවන්
Published
රටින් පිටත ජීවත්වෙන ඇෆ්ගනිස්ථාන ගායක ගායිකාවෝ තලිබාන් සංවිධානය යටතේ ජීවත් වන මිනිසුන්ට ඔවුන්ගේ සහයෝගය පෙන්වීමට නිරන්තරයෙන් සංගීතය භාවිත කරති.
සාමාන්‍යයෙන් කාන්තාවන් විසින් සිදු කරන බොහෝ වීඩියෝ සමාජ මාධ්‍ය හරහා රට තුළ බෙදා හරිනු ලැබේ. තලිබාන් සංවිධානය 2021 අගෝස්තු මාසයේදී පාලනය නැවත ලබා ගත් අතර, විශේෂයෙන්ම කාන්තාවන්ට දැඩි සීමා පනවා තිබේ.



