මියන්මාරයේ රෝහින්ග්‍යා අර්බුදය: දිවි ගලවාගත් සරණාගත දරුවාගේ අනාගතය කුමක්ද?
Published
2017 සැප්තැම්බර් මාසයේ දී බීබීසී මාධ්‍යවේදී කණ්ඩායමක් බංගලාදේශයේ සරණාගත කඳවුරක දී අන්වර් සදීක් මුණගැසුණු මුල්ම අවස්ථාවේ ඔහුගේ වයස පැය කිහිපයක් පමණි.
දැන් ඉන් වසර පහක් ගතවී ඇතත්, ඉතාම අවිනිශ්චිත තත්ත්වයන් යටතේ මෙලොවට බිහිවූ කුඩා පිරිමි දරුවා තවමත් කුසගින්න, ලෙඩරෝග සහ කම්පනය මධ්‍යයේ වෙසෙන අතර, සියල්ල යහපත් අතට හැරෙනබවක් ද පෙනෙන්නට නැත.

