ෂිරීන් අබු අක්ලේ: අල් ජසීරා මාධ්‍යවේදිනියගේ කැමරා ශිල්පියා ඇගේ මරණය ගැන කී කතාව
Published
අල් ජසීරා මාධ්‍යවේදිනී ෂිරීන් අබු අක්ලේ 2022 මැයි 11 වන දා බටහිර ඉවුරේ සිදු කළ ඊශ්‍රායෙල් හමුදා ප්‍රහාරයකදී වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වූවාය.
51 හැවිරිදි එම පලස්තීන-අමෙරිකානු අල් ජසීරා මාධ්‍යවේදිනිය එම කලාපයේ වඩාත් අත්දැකීම් බහුල මෙන්ම වඩා ත් ජනප්‍රිය මාධ්‍යවේදීන් කිහිප දෙනාගෙන් එක් අයෙක් විය.
ඇගේ මරණය සම්බන්ධයෙන් අල් ජසීරා පුවත් සේවය ඊශ්‍රායෙල් හමුදාවන්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.
ඇයගේ මරණයෙන් වසරකට පසු, ෂිරීන්ගේ කැමරා ශිල්පී, මජ්දි බනූරා, ඔහු ඇයව රූගත කළ අවසන් අවස්ථා සහ ඇගේ මරණය ඔහුට සදාකාලික බලපෑමක් ඇති කළ ආකාරය විස්තර කරයි.


