පලස්තීනුවන්ට මරු කැඳවූ ඊශ්‍රායෙල් ප්‍රහාරවලින් පසු ගාසා සටන්කාමීන්ගෙන් රොකට් ප්‍රහාර

වීඩියෝ ශීර්ෂ වැකිය, පලස්තීනුවන්ට මරු කැඳවූ ඊශ්‍රායෙල් ප්‍රහාරවලින් පසු ගාසා සටන්කාමීන්ගෙන් රොකට් ප්‍රහාර
Published

ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාර විදිනයන්ට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බවට ඊශ්‍රායල් හමුදා නිවේදනය කිරීමෙන් පසු ගාසා තීරයේ පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, ගාසා තීරයේදී අවම වශයෙන් පලස්තීන වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

පලස්තීනය එල්ල කළ රොකට් ප්‍රහාරවලින් වැඩි සංඛ්‍යාවක් වළක්වා ඇතැයි පැවසෙන අතර ඊශ්‍රායලයට බරපතළ අනතුරු සිදුව ඇති බවට වාර්තා වී නොමැත.

මෙම ප්‍රහාරය එල්ල වූයේ, ඉස්ලාමීය ජිහාඩ් නායකයින් තිදෙනෙකු ඇතුළු 15 දෙනෙකු ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේදී මරණයට පත් වීමෙන් පසුවය.