එල් සැල්වදෝරය දහස් ගණනක් සිරකරුවන් මෙගා බන්ධනාගාරයකට මාරුකරයි

වීඩියෝ ශීර්ෂ වැකිය, එල් සැල්වදෝරය දහස් ගණනක් සිරකරුවන් මෙගා බන්ධනාගාරයකට මාරුකරයි
Published

එල් සැල්වදෝරයේ අපරාධ කල්ලි සාමාජිකයින්බවට සැක කෙරෙන දහස් ගණනක් දෙනා එරට නව මෙගා බන්ධනාගාරයකට ගෙනගොස් ඇත.

මේ නව බන්ධනාගාරයේ 40 000කට වැඩි පිරිසක් රඳවා තැබීමට හැකි ය.

එල් සැල්වදෝරයේ ජනාධිපති බුකෙලේ පසුගිය මාර්තු මාසයේ දී "කල්ලිවලට එරෙහි යුද්ධයක්" ප්‍රකාශයට පත්කළ අතර, ඔහු සම්මත කළ හදිසි පියවර ඇතැම් ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් සීමා කරනබැවින් මතභේදයට තුඩු දී තිබේ.