චිම්පන්සි මවකට ඇගේ අලුත උපන් පැටවා මුණගැසෙන සංවේදී මොහොත

වීඩියෝ ශීර්ෂ වැකිය, චිම්පන්සි මවක් ඇගේ අලුත උපන් බිළිඳා හා නැවත එක්වන හද උණුසුම් කරවන මොහොත
Published

එක්සත් ජනපදයේ කැන්සාස් ප්‍රාන්තයේ සෙජ්වික් ප්‍රාන්ත සත්ත්වෝද්‍යානයේ දී මහාලේ නම් චිම්පන්සියාට සිසේරියන් සැත්කමක් සිදුකෙරිණි. ඔක්සිජන් මට්ටම අඩුවීම නිසා, ළදරු පුත්‍රයා මවට ලබාදීමට පෙර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සිදුවිය.

වානරයා ඇගේ පැටවා තුරුළට ගැනීම සඳහා ඔහු ඔසවාගන්නා ආකාරය දෙස බලා සිටිය දී තමන් සහ සහෘද පාලක ඩෙවින් ටර්නර් හැඟීම්බර වූ ආකාරය මහාලේ භාර සත්ත්වෝද්‍යාන නිලධාරිනිය වන ඩැනියෙල් ඩෙකර් බීබීසීයට පැවසුවා ය.