වසර 51කට පෙර අතුරුදන් වූ දැරියක් DNA පරීක්ෂණයකින් යළි මව්පියන් වෙත

වීඩියෝ ශීර්ෂ වැකිය, වසර 51කට පෙර අතුරුදන් වූ දැරියක් DNA පරීක්ෂණයකින් යළි මව්පියන් වෙත
Published

දරුවන් බලා ගත් කාන්තාව විසින් රැගෙන යනු ලැබූ සිය දියණිය අඩ සියවසකට පසු DNA පරීක්ෂණයකින් යළි සොයා ගැනීමෙන් පසු කඳුළු පිරි හමුවීමක් පසුගිය දා පැවැත්විණි.

අමෙරිකාවේ ටෙක්සාස්හි නිවසේ සිටි මෙලිස්සා හයිස්මිත් රැගෙන යන විට ඇයගේ වයස මාස 22ක් විය. 23AndMe නමැති වෙබ් අඩවිය, ජාන විද්‍යාඥයෙකුගේ සහය ඇතිව ඔවුන් යළි මුණගස්වා තිබිණි.