මාස තුන හතරකට වරක් තමන් උස යන බව 'ඝානාවේ උස ම මිනිසා' කියයි.

වීඩියෝ ශීර්ෂ වැකිය, මාස තුන හතරකට වරක් තමන් උස යන බව 'ඝානාවේ උස ම මිනිසා' කියයි.
Published

අවුෂේ යන සුරතල් නාමයෙන් හඳුන්වන මීටර් 2.9ක් උසැති සුලේමනා අබ්දුල් සාමෙඩ් පවසන්නේ, තමන් ඝානාවේ උසම පුද්ගලයා බවය.

ඔහු යන සෑම ස්ථානයකදී ම ජනතාව ඔහු සමග ඡායාරූපයකට පෙනී සිටින්නැයි ඉල්ලති.

තමන්ට යෝධභාවය (gigantism) නමැති අතිශය දුර්ලභ රෝගී තත්ත්වය වැළඳී ඇති බව දන්වා ඇතැයි ඔහු පවසයි. එය ශල්‍යකර්මයකින් සුව කළ හැකි රෝගී තත්ත්වයකි.

මෙම තත්ත්වයට බලපාන සුලබ සාධකය වන්නේ, දරුවෙකුගේ පිටියුටරි ග්‍රන්ථියේ හට ගන්නා පිළිකාවක් නොවන ඉදිමුමකි. එමගින් ශරීරය වැඩීමට බලපාන හෝර්මෝන අධික ලෙස පිට කෙරේ.

මෙම රෝගී තත්ත්වයට ඇති සුලබ ප්‍රතිකාරය වන්නේ ශල්‍යකර්මයක් මගින් අදාළ ගෙඩිය ඉවත් කර දැමීමය.