කොලොම්බියානු වෙරළට ඔබ්බෙන් රන් කාසි සහිත නැව් දෙකක සුන්බුන් සොයා ගැනේ

වීඩියෝ ශීර්ෂ වැකිය, කොලොම්බියානු වෙරළට ඔබ්බෙන් රන් කාසි සහිත නැව් දෙකක සුන්බුන් සොයා ගැනේ
Published

රන් කාසි වැනි නිධානයක් සහිත නැව් දෙකක සුන්බුන් කොලොම්බියාවෙන් සොයා ගෙන තිබේ.

බලධාරීහු පවසන්නේ දිගු කලක් ගිලී තිබූ සැන් ජෝස් ගැලියන් නෞකාව නිරීක්ෂණය කරමින් සිටි නාවික නිලධාරීන් මෙම ඓතිහාසික නැව් දෙකක සුන්බුන් ඒ ආසන්නයේ තිබී සොයාගෙන ඇති බවයි.

මෙම සුන්බුන්, වසර 200 කට පමණ පෙර කොලොම්බියාව ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගැනීම සඳහා වූ යුද්ධයේදී මුහුදුබත් වූ යටත් විජිත සමයේ බෝට්ටුවක සහ කුඹ දෙකේ රුවල් නැවක බවට සැලකේ.