චීන කොමියුනිස්ට් පක්ෂ සියවස් සැමරුම: දශක ගණනාවක සමාජීය පරිවර්තනය කැමරා ඇසින්
Published
2021 ජූලි මසට චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා සිය වසක් සපිරේ.
මාඕ සේතුං යටතේ ක්‍රියාත්මක කෙරුණු පක්ෂ ප්‍රතිපත්ති, 50 සහ 60 දශකයේ රට තුළ සාගතය සහ ව්‍යාකූල වාතාවරණයක් ඇති වීමට හේතු විය. සේතුංගේ අභාවයෙන් පසු ආරම්භ වූ නව යුගය නව පරපුරේ ඡායාරූප ශිල්පීන්ගේ කැමරා කාචයට හසු විය.
ඒ අතරින් ඉමහත් ගෞරවයට පාත්‍ර වූ ඡායාරූප ශිල්පියෙකි යැන් චූගන්ග්. වසර ගණනාවකට පෙර සිය කැමරා කාචයට හසු කර ගත් චීනයේ පුළුල් පරිවර්තනයකට ලක් වූ ස්ථාන වෙත ඔහු යළි ගිය අතර එම ගමනට බීබීසී චීන වාර්තාකරු ස්ටීවන් මැක්ඩොනෙල් ද එක් විය.
මේ ගැනත් කියවන්න: