"මරණාසන්න වනතුරු" දරුවන්ට පහර දෙන සුඩානයේ ආගමික පාසල්
Published
දරුවන්ගේ දෙපා චේන් වල බැඳ, නිරාහාරව සිර කුටිවල රඳවමින්, දරුණු වධ බන්ධන පමුණුවන සහ දරුවන්ට ලිංගික අතවර කරන සුඩානයේ ආගමික පාසල් ගැන බීබීසී අරාබි භාෂා සේවය කළ විශේෂ ගවේෂණයක දී හෙළි වී තිබේ.
වාර්තාකරු ෆටේ අල්-රහ්මාන් අල්-හම්දානි (Fateh Al-Rahman Al-Hamdani) මාස 18 ක් මුළුල්ලේ එවැනි පාසල් 23 ක සිදුවන දේ රහසිගතව පටිගත කළේය.
එම පාසල් පාලනය භාරව සිටින ෂෙයික්වරුන් හෝ වෙනත් ආගමික නායකයන් වයස අවුරුදු පහේ තරම් බාල වියේ දරුවන් වධ බන්ධනවලට ලක් කරන ආකාරය ගවේෂණයේ දී හෙළි විය.
තවත් වාර්තා: