ඔස්ට්‍රේලියා ලැව් ගිනි: ආරක්ෂාව පතා දහස් ගණනක් පළා යති

වීඩියෝ ශීර්ෂ වැකිය, ඔස්ට්‍රේලියා ලැව් ගින්න: ආරක්ෂාව පතා දහස් ගණනක් පළා යති
Published

පසුගිය සැප්තැම්බර් මස සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ පවතින ලැව් ගිනි හේතුවෙන් මරණයට පත් පිරිස විස්සකට ආසන්නය. තවත් ගණනාවක් අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති.

දහස් ගණනාවක් ආරක්ෂිත ස්ථාන කරා පළා ගොස් තිබේ.

ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දිග පවතින ලැව් ගිනි හේතුවෙන් විනාශයට පත් නිවාස සංඛ්‍යාව 1,000 ඉක්මවයි.

එරට අගමැති ස්කොට් මොරිසන් විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත් බවට විපතට පත් ඇතැම් පිරිස් ඔහුට චෝදනා කරති.

විපතට පත් වූවන් බේරා ගැනීම සඳහා හමුදාව යොදවනු ලැබ ඇත.

ලැව් ගින්න ගැන තවත් පුවත්: