අතින් ඇද්ද කාන්තාවට ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙන් පහරක්

වීඩියෝ ශීර්ෂ වැකිය, පාප් වහන්සේ සමාව අයදියි
Published

නව අවුරුදු උදාවේ ශාන්ත පීතර චතුරශ්‍රයට පැමිණි බැතිමතුන් අතර සිටි කාන්තාවකට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය නොසතුට පළ කළහ.

ඒ අදාළ කාන්තාව පාප් වහන්සේගේ අත වැරෙන් අල්ලා තමන් දෙසට ඇද ගැනීමට උත්සාහ කිරීමත් සමගය.

ජනවාරි 01 වෙනිදා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ පාප් වහන්සේ එම අවස්ථාවේ සිය "ඉවසීමේ සීමාව ඉක්මවා ගිය බව" පිළිගෙන තිබේ.

"අපගේ ඉවසීම ඉක්මවා යන අවස්ථා බොහෝයි. මටත් ඒ දේ සිදු වෙනවා. ඊයේ දුන් නරක පූර්වාදර්ශය ගැන මා සමාව ඉල්ලා සිටිනවා" යනුවෙන් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.

තවත් පුවත්: