ඇඩොල්ෆ් හිට්ලර් උපන් ස්ථානය සහ ලොව වඩාත් මතභේදයට තුඩු දුන් ලිපින හතක්

Hitler's birthplace
ඡායාරූප ශීර්ෂ වැකිය, හිට්ලර් උපන් ස්ථානය කඩාදැමීමට ඔස්ට්‍රියා බලධාරීන් තීරණය කර තිබේ
Published

ඔස්ට්‍රියාව සහ ජර්මනිය අතර දේශසීමාව ආසන්නයේ බ්‍රොනෝ (Braunau am Inn) නම් නගරයේ අංක 15, සැල්ස්බර්ගර් ෆොර්ෂට් (Salzburger Vorstadt) හි පිහිටි මෙම ගොඩනැගිල්ල දෙස එක්වරම බැලූ විට එහි විශේෂත්වයක් නොපෙනේ.

නමුත් මං තීරුවක තබා ඇති කැටයම් සහිත ගල් කොටස දුටු විට එය වෙනස් වනු ඇත.

ෆැසිස්ට්වාදය (ඒකාධිපතිවාදය) නිසා මියගිය මිලියන සංඛ්‍යාත පිරිසකගේ නම් ජර්මානු බසින් සඳහන් කර තිබේ.

එහි විශේෂත්වය වන්නේ 1889 වසරේදී ඇඩෝල්ෆ් හිට්ලර් උපන් ස්ථානය මෙය වීමය.

St. Stephen's Church
ඡායාරූප ශීර්ෂ වැකිය, හිට්ලර් බෞතීස්මය ලැබූ15 වන සියවසේ නිමවූ ශාන්ත ස්ටීවන් පල්ලිය

නීති සටන

නාසි හිතවාදීහු කණ්ඩායම් වශයෙන් සෑම වසරකම හිට්ලර් ගේ ජන්ම දිනය සැමරීම සඳහා මෙම ස්ථානයට පැමිණෙති.

මෙම ගොඩනැගිල්ල 2016 සිට ඔස්ට්‍රියානු රජය සතුය. ඔවුන් එය ඇමෙරිකානු ඩොලර් 350,000 කට මිලදී ගත්තේය. ගොඩනැගිල්ල කඩා දැමීමට අපේක්ෂා කරන බවද රජය පවසයි.

නමුත් එහි පැරණි හිමිකරු ගර්ලින්ඩේ පෝමර් එම තීරණයට එරෙහිව අධිකරණයට ගොස් ඇති අතර නීති ගැටුම තවමත් නිමවී නැත.

මීට දින කිහිපයකට පෙර දිස්ත්‍රික් අධිකරණයක් එහි මුල් හිමිකරුට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.7ක් ගෙවන ලෙස නියෝග කළේ එම ස්ථානයේ පවතින ඓතිහාසික පසුබිම ඉස්මතු කරමිනි.

මෙම ලිපිනය ලොව පුරා පිහිටි මතභේදාත්මක ඉතිහාසයක් ඇති ස්ථාන සඳහා එක් උදාහරණයකි.

එවැනි තවත් මතභේදාත්මක ලිපින අටක තොරතුරු පහත දැක්වේ.

01. බෙනිටෝ මුසෝලිනීගේ සොහොන්ගෙය - ඉතාලිය

A far-right support makes the fascist salute by Mussolini's tomb in Predappio
ඡායාරූප ශීර්ෂ වැකිය, බෙනිටෝ මුසෝලිනීගේ සොහොන්ගෙය

ඇඩොල්ෆ් හිට්ලර්ගේ උපන්දිනය නාසි හිතවාදීන් බ්‍රොනෝ නම් ස්ථානයේ ස්මරණය කරන්නා සේම ඉතාලි ෆැසිස්ට් නායක බෙනිටෝ මුසෝලිනීගේ ජන්ම දිනයද ඒ ආකාරයටම සමරනු ලැබේ.

මුසෝලිනීගේ උපන් ස්ථානය වන ඉතාලියේ උතුරු ප්‍රදේශයේ පිහිටි ප්‍රේඩාපිඕ නම් කුඩා නගරයට මිනිසුන් දහස් ගණනින් වසරකට තුන්වරක් එක්වෙති.

වැඩි වශයෙන් ම ජනතාව ඇද ගන්නා ස්ථානය වන්නේ මුසෝලිනීගේ සොහොන්ගෙය පිහිටි සැන් කැසියානෝ සොහොන් බිමය.

මෙහිදී ප්‍රධාන වශයෙන් මුසොලීනිගේ උපන්දිනය (1883 ජුලි 29), මරණය (1945 අප්‍රේල් 28) සහ 1922 වසරේදී කුප්‍රකට ලෙස ඉතාලියේ බලය අල්ලාගත් ෆැසිස්ට් පා ගමන සමරණු ලබයි.

නාසිවාදය හා බැඳුනු පුරාවෘත්තය ජර්මනිය තුළ දැඩි නීති මගින් පාලනය කළ ද ඉතාලිය මුසොලීනි හා සම්බන්ධ පුරාවෘත්ත කෙරෙහි වඩාත් ලිහිල් ප්‍රතිපතියක් අනුගමනය කරයි.

02. පොල් පොට්ගේ නිවස - සියම් රියප්, කාම්බෝජය

Pol Pot's grave
ඡායාරූප ශීර්ෂ වැකිය, පොල් පොට්ගේ සොහොන තායිලන්ත මායිම ආසන්නයේ පිහිටා තිබේ

පොල් පොට් 1976 වසරේ සිට කැම්පුචියා නමින් හැඳින්වූ කාම්බෝජයේ කොමියුනිස්ට් පක්ෂ නායකයා විය. පොල් පොට් කාම්බෝජයේ ඝාතන සංස්කෘතියක් නිර්මාණය කරමින් 1970 දශකයේදී මිනිසුන් බර වැඩට යොදමින් එයින් මිලියන තුනක් පමණ මිය යාමට සැලැස්වීය.

නිවාස අඩස්සියේ සිටියදී ඔහු 1998 වසරේදී මියගිය අතර ඔහුගේ සිරුර ටයර් සෑයක දමා පුළුස්සන ලද අතර අද ඔහුගේ කුප්‍රකට නිවස සහ ආදාහනය කළ ස්ථානය අගන්තුකයින්ට නැරඹීම සඳහා විවෘතය.

03. ස්ටාලින් කෞතුකාගාරය - ගෝරි, ජෝර්ජියාව

Stalin's mortuary mask
ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ටාලින් කෞතුකාගාරය

ව්ලැදමීර් ලෙනින්ගේ සිරුර අසල තබා තිබු හිටපු නායක ජෝසප් ස්ටාලින්ගේ එම්බාම් කරන ලද සිරුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට අවශ්‍ය එඩිතර තීරණය 1961 දී එවක කොමියුනිස්ට් පක්‍ෂ නායකයා වූ නිකිටා කෘෂෙෆ් අනුමත කළේය.

දහස් සංඛ්‍යාත ජනයාපීඩනයට ලක් කිරීම, වාර්ගික සංහාර, මිනිසුන් දහස් ගණනක් මරා දැමීම සහ සාගතය නිසා දැඩි ලෙස විරෝධයට ලක්වූ නායකයෙකි ස්ටාලින්.

ඔහුගේ සිරුර මොස්කව්හි ක්‍රෙම්ලින් තාප්පයක් අසන්නයේ අප්‍රසිද්ධ ස්ථානයක වළ දමා තිබේ.

නමුත් ස්ටාලින්ගේ උපන් ප්‍රදේශය වන ජෝර්ජියාවේ ගෝරි ප්‍රදේශයේ ප්‍රකටව ඇත්තේ වෙනත් කතාවකි.

එහි, හිටපු ආඥාදායකයා 1878 දී උපන් නිවස අසල කෞතුකාගාරයක් ඇති අතර එය නම් කර ඇත්තේ ජෝසප් ස්ටාලින් නමිනි.

සෝවියට් දේශය පුරා වසර ගණනාවක් ඔහුගේ පෞරුෂය ආධිපත්‍ය දැරූ අතර අද වන විට එම ස්ථානයේ පුද පුජා පවත්වන කුටියක්ද ඇත.

නමුත් ඔහු රතු හමුදාව ලවා තමා උපන් රට 1921 දී ආක්‍රමණය කළ බව බොහෝ දෙනෙක්ට අමතකව ගොස් ඇති බවක් පෙනේ.

04. සදාම් හුසේන්ගේ සොහොන - ටික්රිට්, ඉරාකය

Remains of Saddam's tomb
ඡායාරූප ශීර්ෂ වැකිය, සදාම් හුසේන්ගේ සිරුර තැන්පත්කර තිබු ස්ථානය

2003 දී බලයෙන් පහ කෙරුණු ඉරාක ඒකාධිපති පාලකයා වූ සදාම් හුසේන් ඊට වසර තුනකට පසු එල්ලා මරා දමන ලදි.

සදාම් හුසේන්ගේ උපන් ප්‍රදේශය වූ ටික්රිට් හීදී ඔහුගේ සිරුර 2006 දෙසැම්බර් 31 වෙනිදා සොහොනක් තුළ වළ දැමුවේ සතුරු ප්‍රහාර වලින් බේරා ගැනීමට විය හැක.

නමුත් එය ඉරාක හමුදා, ඉරානයේ උපකාර ලද ෂියා හමුදා කණ්ඩායම් සහ ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය අතර ඇතිවූ ගැටුම්වලදී විනාශ වූ බව බීබීසී 2015 දී වාර්තා කළේය.

එම ප්‍රදේශයේ ජනතාව පවසන්නේ සදාම්ගේ සිරුර අයිඑස් කණ්ඩායම් එම පළාතට ඒමට පෙර 2014 දී හෙළි නොකළ ස්ථානයකට රැගෙන ගිය බවය.

05. මියගිය සොල්දාදුවාගේ නිම්නය - ස්පාඤ්ඤය

Franco supporter makes a salute at the entrance of the Valley of the Fallen
ඡායාරූප ශීර්ෂ වැකිය, ෆ්රැන්කෝගේ දේහය මෙම නිම්නයේ මිහිදන් කළේය

වසර 20ක් පමණ කාලයක් ගොඩනැගීමෙන් අනතුරුව 1959 අප්‍රේල් 1 වැනිදා ස්පාඤ්ඤය "මියගිය සොල්දාදුවාගේ නිම්නය" එළි දක්වන ලදි.

එවකට ස්පාඤ්ඤයේ සිටි ආඥාදායකයා වූ ෆ්රැන්සිස්කෝ ෆ්රැන්කෝ එය නිර්මාණය කළ අතර 1936 සිට 1939 දක්වා තිබු සිවිල් යුද්ධයෙන් පසු රට තුළ නැවත සාමය ඇති කිරීමට අත්‍යවශ්‍ය කාරණාවක් ලෙස සැලකිනි.

නමුත් මැඩ්රිඩ් නුවරට එපිටින් පිහිටි එම ස්ථානයේ ෆ්රැන්කෝගේ සොහොන ස්ථාපනය කිරීමට තීරණය කිරීමත් සමගම 1975 දීමතභේදාත්මක තත්ත්වයක් උදා විය.

ෆ්රැන්කෝට පක්ෂපාතී ජන රැළි පැවැත්වීම නීතියෙන් තහනම් වුවත් පැසිස්ට් නායකයාගේ ආධාරකරුවන් මෙම ස්ථානයට එතැන් සිට පැමිණේ.

ඔහුගේ සිරුරට කළ යුත්තේ කුමක්ද යන්න වසර ගණනාවක සිට ස්පාඤ්ඤ රජයට විසඳා ගත නොහැකි ගැටලුවක් වී ඇත.

ඔහුගේ සිරුර මියගිය සොල්දාදුවාගේ නිම්නයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුව පසුගිය වසරේදී බලය දුන්නද එවැනි තීරණ කෙරෙහි එකඟතාවක් ඒමට නොහැකි වී තිබේ.

06. පැබ්ලෝ එස්කොබාර්ගේ සොහොන - ඉටාග්යි, කොලොම්බියාව

Flowers at Pablo Escobar's grave
ඡායාරූප ශීර්ෂ වැකිය, එස්කොබාර්ගේ සොහොන

ස්ටීව් සිමන්ස්, පැබ්ලෝ එස්කොබාර් හා බැඳුනු මිත්‍යා මතිමතාන්තර ගැන උනන්දුවක් දැක්වූ සංචාරකයන් අතර කෙනෙකු විය. ලොව කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරු ලෙස සැලකෙන්නේ එස්කොබාර්ය.

නමුත් වේල්ස් ජාතික සිමන්ස්, එස්කොබාර්ගේ සොහොන අසළ සිටිමින් කොකේන් පානය කරන අයුරු කැමරාවට හසු වීමෙන් පසු ඔහු බරපතල ගැටලුවලට මුහුණ දුන්නේය.

එස්කොබාර්ගේ සොහොන පිහිටා ඇත්තේ කොලොම්බියාවේ ඉටාග්යි නම් නගරයේය. පොලීසිය විසින් 1993 දී එස්කොබාර් වෙඩි තබා ඝාතනය කරන ලදි.

සිමන්ස් හට වසර 5ක් යන තුරු කොලොම්බියාවට ඇතුළු වීම තහනම් කළ අතර එමනිසා ඔහුට තම ආදරවන්තිය සහ ඔහුගේ නිවුන් දියණියන් දෙදෙනා දැකීමටද නොහැකි විය. ඔහුට මරණ තර්ජනද එල්ල විණි.

එස්කොබාර් මිනිස්සු 5,000ක ගේ පමණ මරණවලට වගකිවයුතු කෙනෙක් වුවද ඔහුට අනුගාමිකයින් විශාල සංඛ්‍යාවක් සිටී.

"නාකොස්" නමින් නෙට්ෆ්ලික්ස් මගින් කළ වැඩසටහන් මාලාවක එස්කොබාර්ගේ ජීවිත කතාව සඳහන් කිරීමත් සමගම ඔහුගේ ජනප්‍රියත්වය තවත් ඉහළ ගියේය.

07. ඉයුජින් ටෙරේබ්ලාන්ෂ් - වින්ටේස්දොර්ප, දකුණු අප්‍රිකාව

Eugene Terreblanche in 2004
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉයුජින් ටෙරේබ්ලාන්ෂ් ඔහුගේ සේවකයෙකු විසින් මරා දැම්මේය.

90 දශකයේදී දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය නිමවීමෙන් පසු, සුදු ජාතික ගොවියෙකු වූ ඉයුජින් ටෙරේබ්ලාන්ෂ් ඊට විරෝධය පාමින් හඬ නගන්නට විය.

නමුත් සුදු වර්ණභේදවාදය වෙනුවෙන් හඬ නැගූ AWB පක්ෂයේ නිර්මාතෘවරයා ද වූ ඔහු 2010 දී ඔහුගේ ගොවිපලේ හිටපු සේවකයෙකු විසින් කපා කොටා මරා දමන ලදි.

ඔහුව මරා දමන ලද්දේ ඔහුගේම ගොවිපල තුළදීය.

දකුණු අප්‍රිකාවේ ජාතික උරුමය සඳහා වූ කවුන්සිලය එම ස්ථානය ඓතිහාසික ස්ථානයක් ලෙස නම් කිරීමට 2014 දී යෝජනාවක් ගෙන ආවද එය ප්‍රතික්ෂේප විය.

මේ තොරතුරුත් කියවන්න:

08. රශ්මෝ කන්ද - කීස්ටෝන්, ඇමෙරිකාව

Mount Rushmore
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකානු ජනාධිපතිවරු

ඇමෙරිකානු දේශප්‍රේමීත්වයේ ඉහළම සලකුණ ලෙස මෙය සැලකේ. රශ්මෝ කඳු මුදුනේ හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් වොෂින්ටන්, තෝමස් ජෙෆර්සන්, තියෝඩෝර් රූස්වේල්ට් සහ ඒබ්‍රහම් ලින්කන්ගේ පිළිරූ නිමවා ඇත.

මෙම නිසා මිලියන දෙකකට වඩා අධික සංචාරකයින් ප්‍රමාණයක් දකුණු ඩකොටා හි පිහිටි කුඩා නගරයක් වන කීස්ටෝන් වෙත වාර්ෂිකව ඇදී එති.

1927ත් 1941ත් අතර කාලයේදී එය නිර්මාණය කරන ලද්දේ ස්වදේශික ජනතාවගේ අයිතින් ගැන නොසලකා හරිමින් යැයි පැවසේ.

මෙම පිළිරූ නිමවා ඇති කඳු පන්තියේ සදාතනික අයිතිය "Lakota Sioux" නම් ජන කොට්ඨාසයට 1886 දී ගිවිසුමකින් පවරා දී තිබිණි. ඔවුහු මෙම ප්‍රදේශය දේවත්වයෙන් සලකති.

නමුත් මෙම ප්‍රදේශයේ රත්‍රන් හමුවීමත් සමගම සදාකාලික අයිතිය හිමිවුයේ වසර දෙකකට පමණි.

පිළිරූ නෙළීම ඇරඹ්මත් සමගම ඔවුන්ගේ ගැටලු තවත් වර්ධනය විය. 1970 දී ස්වදේශික ක්‍රියාකාරීන් විසින් රශ්මෝ කන්දේ බලෙන් පදිංචිවුයේ බලධාරීන් ගිවිසුම උල්ලංඝනය කිරීමට එරෙහිවය.

2012 දී නිකුත් වූ එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මගින් එම කඳු පන්තිය (Black hills) නැවත Sioux ජන කොටසට පැවරිය යුතු බවට නිර්දේශ කළේය.

කියවන්න: