කිම් - ට්‍රම්ප් හමුව: දෙරටේ නායකයෝ සාකච්ඡා අරඹති

US President Donald Trump (R) shakes hands with North Korea"s leader Kim Jong-un (L) as they sit down for their historic US-North Korea summit
Published
කියවීමේ කාලය: මිනිත්තු 2

ඒකාබද්ධ ගිවිසුමකට එළඹෙමින් අවසන් වූ උතුරු කොරියානු නායකයා සමග පැවති සාකච්ඡාව "අවංක, ඍජු සහ ඵලදායී" වූවක් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

සමුළුව අවසානයේ නායකයන් දෙදෙනා "පුළුල් ලේඛනයකට" අත්සන් තැබූ නමුත්, ඔවුන් පැමිණි එකඟතා පිළිබඳ පැහැදිළි කිරීමක් නොකළේය.

න්‍යෂ්ටික අවිහරණය සහ අවිනිශ්චිතතාව මගහැරීම පිළිබඳ ඔවුන් සාකච්ඡා කරන්නට යෙදිණි.

"ලැබුණු ප්‍රතිඵලය ගැන දෙපාර්ශ්වයම සතුටු වෙනවා කියල මම හිතනවා" ට්‍රම්ප් පැවසීය.

"අපි අතීතය පසෙකින් තබන්නට තීරණය කළා" කිම් ජොන්-අන් පැවසීය.

"ලෝකය විශාල වෙනසක් දකීවි" ඔහු වැඩිදුරටත් පැවසීය

වසරක පමණ කාලයක් දෙරටේ නායකයන් අතර පැවති තියුණු වාග් සංග්‍රාමයකින් අනතුරුව සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේ පිහිටි සුඛෝපභෝගී නිකේතනයකදී සිදුවූ හමුවේදී දෙරටේ නායකයෝ අතට අත දෙමින් එකිනෙකා උණුසුම් ලෙස පිළිගත්හ.

Trump Kim
Reuters

මෙම සිදුවීම් මාලාවේ සාර්ථකත්වය පිළිබඳ විශ්ලේෂකයෝ මත දෙකක් පළ කරති. සාකච්ඡාව, කිම් ජොන්-අන් ලැබූ ප්‍රචාරාත්මක ජයග්‍රහණයක් ලෙස සමහරෙක් දකින අතර ඇතැමෙකු එය දකින්නේ සාම මාවතට පිවිසීමක් ලෙසය.

Reuters

සෙන්ටෝසාහිදී එකිනෙකා වෙත පිය නැගූ දෙරටේ නායකයෝ ඇමරිකානු සහ උතුරු කොරියානු ධජ ඉදිරියේ අතට අතදී එකිනෙකා පිළිගත්හ.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

මාධ්‍යවේදීන් ඉදිරියේ කෙටියෙන් අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප්, නායක කිම් සමග "විශාල සබඳතාවක්" ගොඩනැගෙනු ඇති බවට බලාපොරොත්තු පළ කළේය.

හමුව පිළිබඳ සිය සතුට පළ කළ ඇමරිකානු ජනාධිපතිවරයා, "අපි ඉතාමත් හොඳ සාකච්ඡාවක් පැවැත්වීමට යනවා. එය අතිවිශාල සාර්ථකත්වයක් අත්කර ගනීවි" යනුවෙන් පැවසීය.

වසරකට ඉහත දී එකිනෙකා වෙත පරිභව කරමින් වාග් සංග්‍රාමයක යෙදී සිටි නායකයන් දෙපල, සැහැල්ලුවෙන් සිටින ආකාරයක් දක්නට ලැබිණ.

"මෙතනට පැමිණීම පහසු කටයුත්තක් වුනේ නැහැ, බාධක තිබුනා. නමුත් මෙතනට පැමිණෙන්න ඒ බාධක ජයගත්තා," නායක කිම් සඳහන් කළේය.

Reuters
AFP

භාෂා පරිවර්තකයන් සමග නායකයන් දෙපල අතර පමණක් සිදු වූ සාකච්ඡාව මිනිත්තු 40 පමණ කාලයක් පැවැත්විණි.

පසුව නායකයන් දෙපල සිය උපදේශකයන් කැටුව දිවා ආහාරය සඳහා ගියහ.

සාකච්ඡාවේ මුලික අවධානය, උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ යොමුවනු ඇත.

Donald - Kim Summit 2018
ඡායාරූප ශීර්ෂ වැකිය, සිංගප්පූරුවට අයත් සෙන්ටෝසා (Sentosa) දිවයිනේ පිහිටි නිකේතනය

ජාත්‍යන්තරයෙන් නැඟුණ විරෝධය නොතකා බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම හේතුවෙන් උතුරු කොරියානු නායකයා සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඔහු ජනාධිපති පදවියට පත් වී පළමු වසර තුළ දැඩි වාග් ප්‍රහාර හුවමාරු විය.

2018 ආරම්භයේදී දෙරට අතර සම්බන්ධතාවයේ කැපී පෙනෙන වෙනසක් සිදු විය. විශේෂයෙන්ම දකුණු කොරියාවේ පැවැත්වුන ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා උතුරු කොරියාවේ සහභාගිත්වය කැපී පෙනිණ.