ඔස්කාර් උළෙලේ 'ඇස ගැටුණු තරු'

Oscar
ඡායාරූප ශීර්ෂ වැකිය, ඈෂ්ලි ජඩ්, ඇනබෙලා සියොරා සහ සල්මා හයෙක්
Published

මුළු ලෝකයේම සිනමා රසිකයන්ගේ හා සිනමා ශිල්පීන්ගේ දැඩි අවධානයට ලක් වන කලා මංගල්‍යයක් වන ඔස්කාර් සම්මාන උළෙල අනූ වෙනි වරටත් අති උත්කර්ෂවත් අයුරින් ඊයේ (මාර්තු 4) ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවරදී පැවැත්වුණි.

Oscar
ඡායාරූප ශීර්ෂ වැකිය, '12 ඉයර්ස් ඈස් අ ස්ලේව්' (12 Years As a Slave) චිත්‍රපටය වෙනුවෙන් 2012 දී ඔස්කාර් සම්මානයක් දිනා ගත් ලුපිටා නියොන්ගෝ

ද ෂේප් ඔෆ් වෝටර් (The Shape of Water) සිනමාපටය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම සිනමාපටයට හිමි සම්මානය ඇතුළු සම්මාන රැසක් හිමි කර ගැනීමට සමත් වුණි.

Oscar
ඡායාරූප ශීර්ෂ වැකිය, සල්මා හයෙක්

ත්‍රී බිල්බෝර්ඩ්ස් අවුට්සයිඩ් එබින් මිසුරි (Three Billboards Outside Ebbing, Missouri) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ෆ්‍රාන්ස් මැක්ඩෝරන්ඩ් හොදම නිළිය ලෙස සම්මාන ලැබුවාය.

Oscar
ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝහ කැබලිවලින් නිර්මාණය කරන ලද ගවුමකින් සැරසුන ජෙනිෆර් ලෝරන්ස්

ඩාර්කස්ට් අවර් (Darkest Hour) චිත්‍රපටයේ දැක්වූ රංගනයට හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ගැරී ඕල්ඩ්මන් ය.

Oscar
ඡායාරූප ශීර්ෂ වැකිය, ඈෂ්ලි ජඩ්

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහය නිළිය ලෙස අයි, ටෝන්යා (I, Tonya) චිත්‍රපටයේ දැක්වූ රංගනය වෙනුවෙන් ඇලිසන් ජැනී සම්මාන ලැබූ අතර, ත්‍රී බිල්බෝර්ඩ්ස් අවුට්සයිඩ් එබින් මිසුරි (Three Billboards Outside Ebbing, Missouri) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සෑම් රොක්වෙල් හොඳම සහය නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය.

Oscar
ඡායාරූප ශීර්ෂ වැකිය, අයි, ටෝන්යා (I, Tonya) චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහය නිළිය ලෙස සම්මාන ලැබූ ඇලිසන් ජැනී
Oscar
ඡායාරූප ශීර්ෂ වැකිය, ද ෂේප් ඔෆ් වෝටර් (The Shape of Water) චිත්‍රපටයේ ප්‍රධාන නිළිය සැලී හෝකින්ස්

ද ෂේප් ඔෆ් වෝටර් (The Shape of Water) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ මෙක්සිකෝ ජාතික ගිලමෝර් ඩෙල් ටෝරෝ හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි ඔස්කාර් සම්මානය හිමිකර ගත්තේය.

Oscar
ඡායාරූප ශීර්ෂ වැකිය, හිම මත ලිස්සා යන ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කම් දිනූ ඇඩම් රිපොන් අසාමාන්‍ය ඇඳුමකින් රතු පලස මත පෙනී සිටියේය.

හොදම ජාත්‍යන්තර සිනමාපටයට හිමි සම්මානය චිලී රටෙහි නිර්මාණයක් වූ අ ෆැන්ටෑස්ටික් වුමන් (A Fantastic Woman) දිනාගත් අතර, ලෙබනන් චිත්‍රපටයක් වූ ද ඉන්සල්ට් (The Insult), රුසියානු චිත්‍රපටයක් වූ ලව්ලස් (Loveless), හංගේරියානු චිත්‍රපටයක් වූ ඔන් බොඩි ඇන්ඩ් සෝල් (On Body and Soul) සහ ස්වීඩනයේ ද ස්ක්වයර් (The Square) යන චිත්‍රපට එම සම්මානයට නිර්දේශ විය.

Oscar
ඡායාරූප ශීර්ෂ වැකිය, වසර දහයකට පසු ඔස්කාර් සම්මාන උළෙලකට සහභාගී වන ලේඩි බර්ඩ් (Lady Bird) චිත්‍රපටයේ ප්‍රධාන නිළිය සාඕඉස් රෝනන් (Saoirse Ronan)

හොඳම ඇඳුම් නිර්මාණ ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ෆැන්ටම් ත්‍රෙඩ් (Phantom Thread) චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණය කළ මාක් බ්‍රිජර්ස්ය.

Oscar
ඡායාරූප ශීර්ෂ වැකිය, 2007 දී එලිසබෙත් මහරැජිනගේ චරිතය රඟපෑම වෙනුවෙන් ඔස්කා සම්මානය දිනා ගත් ඩේම් හෙලන් මිරන්

ඩාර්කස්ට් අවර් (Darkest Hour) චිත්‍රපටය වෙනුවෙන් හොඳම අංගරචනය හා කේශාලංකරණ ශිල්පීන් ලෙස සම්මාන ලැබුවේ කසුහිරෝ සූජී, ඩේවිඩ් මැලිනොස්කි සහ ලූසි සිබික් යන ශිල්පීන්ය.

Oscar
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකානු ගායිකාවක් සහ ගීත රචිකාවක වන ඇන්ඩ්රා ඩේ

හොඳම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය ලෙස කොකෝ (Coco) චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණි.

Oscar
ඡායාරූප ශීර්ෂ වැකිය, සම්මාන උළෙලට පැමිණි වූපි ගෝල්ඩ්බර්ග්

මේ අතර හොඳම කැමරාකරණය වෙනුවෙන් ද ප්‍රථමවරට කාන්තාවක නාම යෝජනා අතරට එක්ව සිටියේය.

ඇය මඩ්බවුන්ඩ් (Mudbound) චිත්‍රපටයේ කැමරා ශිල්පිනී රේචල් මොරිසන්ය.

කෙසේ වෙතත් බ්ලේඩ් රනර් 2049 (Blade Runner 2049) චිත්‍රපටය වෙනුවෙන් රොජර් ඩීකින්ස් එම සම්මානය හිමි කර ගැනීමට සමත් විය.

Oscar
ඡායාරූප ශීර්ෂ වැකිය, ස්පයිඩර් මෑන් චරිතයට පණ පෙවූ ටොම් හොලන්ඩ්
Oscar
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකානු ටෙලිනාට්‍ය නිළියක ලෙස අතිශය ජනප්‍රිය වූ එලිසබෙත් මොස්

ඔස්කාර් සම්මාන උළෙල ඉතිහාසයේ පස්වෙනි වතාවට හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් නිර්දේශ නාම අතරට කාන්තාවක් ඇතුළත්ව තිබුණි. ඒ, ලේඩි බර්ඩ් (Lady Bird) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ග්‍රේටා ගර්විග්.

Oscar
ඡායාරූප ශීර්ෂ වැකිය, ජුරාසික් පාක් සහ ස්ටාර් වෝර්ස් චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑ ලෝරා ඩර්න්

ප්‍රථම වරට ඔස්කාර් සම්මාන උළෙලක් පැවැත්වුයේ 1929 වර්ෂයේ මාර්තු 16 වෙනිදාය. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ නිර්දේශ නාම අතර සිටින දෙදෙනෙක් ඊට පෙර වසරේ උපන් පුද්ගලයන්ය.

ප්‍රංශ සිනමා ශිල්පිනියක වන අසූ නව හැවිරිදි ඇග්නස් වර්දා විසින් නිර්මාණය කරන ලද ෆේසස් ප්ලේසස් (Faces Places) හොඳම වෘත්තාන්ත වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනුවෙන් නිර්දේශ නාම අතරට විණි.

Oscar
ඡායාරූප ශීර්ෂ වැකිය, බ්ලැක් පැන්තර් (Black Panther) සහ වෝකිං ඩෙඩ් (Walking Dead) චිත්‍රපටවල රඟපෑ ඩනෙයි ගුරිරා

ඕල් ද මනි ඉන් ද වර්ල්ඩ් (All the Money in the World) චිත්‍රපටය වෙනුවෙන් රංගනයෙන් දායක වූ අසූ අට හැවිරිදි ක්‍රිස්ටෝෆර් ප්ලමර් හොඳම සහය නළුවා වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත් වූ අනෙක් වයස්ගතම පුද්ගලයා ලෙසින් වාර්තා අතරට එක් විය.

Oscar
ඡායාරූප ශීර්ෂ වැකිය, මාගට් රෝබි

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ වැඩිම සම්මාන ගණනක් දිනා ගත්තේ ද ෂේප් ඔෆ් වෝටර් (The Shape of Water) චිත්‍රපටය යි. එමෙන්ම සම්මාන 13ක් සඳහා නිර්දේශ නාම අතරට ඇතුළත් වීමට ද ගිල්මෝර් ඩෙල් අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය සමත් වුණි.

Oscar
ඡායාරූප ශීර්ෂ වැකිය, ගෙට් අවුට් (Get Out) චිත්‍රපටයේ රඟපෑ ඇලිසන් විලියම්ස්

මේ තොරතුරුද කියවන්න: