හිතට දැනෙන උපහාසයක්; කවියා ඉලන්ගෝගේ අමුතු සිතුවම් පෙළ

Indian Women
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රසිද්ධියේ කතා නොකරන "අප්‍රසන්න සිරිත්" කවියා ඉලන්ගෝ විසින් මෙසේ සිත්තම් කර ඇත
Published

පුටු ඇන්දක් මත හිඳ ගත් තරුණ කාන්තාවක් අධෝවාතයක් පිටකරන සිතුවමක් 'ඉන්ස්ටර්ග්‍රෑම්' මාධ්‍යය ජාලයේ දක්නට ලැබෙයි.

"අප්‍රසන්න සිරිත්" ලෙස පවතින සමාජ සම්මතයන් සිය සිතුවම් නිර්මාණය කිරීමට හේතු වූ බව කවියා ඉලන්ගෝ (Kaviya Ilango) බීබීසී මාධ්‍යවේදිනී කෘතිකා පාති (Krutika Pathi) සමඟ පැවසුවාය.

"මිනිස්සු උපදෙස් දෙනවා ඔබේ කුණු රෙදි ප්‍රසිද්ධියේ පෙන්වන්න එපා කියල, හැබැයි ඒකාකාරී බවෙන් මිදෙන්න මේ වගේ චිත්‍ර ඉතා බලවත් මාධ්‍යයක් බව මට අවබෝධ වුණා" යැයි කවියා ඉලන්ගෝ පවසන්නීය.

උපහාසාත්මක මෙන්ම සිතට තදින් දැනෙන ඇයගේ සිතුවම්වලට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මහත් ප්‍රතිචාරයක් ලැබෙමින් ඇත.

ඇය සිය නිර්මාණ නම් කරනු ලැබ තිබෙන්නේ "සහස්‍රයේ ප්‍රශ්න" ලෙසයි.

"රෝස පැහැති උපැස් යුවළක්" තුළින් ජීවිතය දෙස බලන බොහෝ සමාජ ජාල භාවිතා කරන්නන් අතර, ඇත්ත ඇති සැටියෙන් පෙන්වන සිතුවම් ප්‍රචාරය කිරීම ඇයගේ බලාපොරොත්තුවය වී ඇත.

වර්ණ ගන්වන ලද 'සෙල්ෆි' ඡායාරූප සහ විදෙස් රටවල සංචාරයේ යෙදෙමින් එම ස්ථාන සමාජ මාධ්‍ය ජාලවල පළ කිරීමට අමතරව මෙවැනි අපහසු මාතෘකා පිළිබදව සිතන්නට යොමු කිරීම ඇයගේ අපේක්ෂාව වෙයි.

ඇයගේ බොහෝ සිතුවම්වල දැක්වෙන්නේ දුඹුරු පැහැති සමක් සහ රෝම පිරුණු අත් පා ඇති කාන්තාවන්ය. කාන්තා ශරීරයේ හැඩය සහ පෙනුම පිළිබදව රූපලාවන්‍යය කේෂ්ත්‍රයේ මෙන්ම සමාජ මාධ්‍ය ජාල තුළ ඇති විවිධ මත නිසා දැනෙන අනාරක්ෂිතභාවය චිත්‍රයකින් ඉස්මතු කර පෙන්වීමට ඇය උත්සාහ කරයි.

කාන්තාවකගේ ශරීරයේ විවිධ ස්ථාන රතු පැහැති ඉරි මගින් පෙන්වා දෙන සිතුවමක් ඇත. එම කාන්තා රූපයේ කලවා "බියොන්සේගේ කලවා" ලෙස නම් කර ඊට පහතින් අකැමැති බව පෙන්වන ලකුණක් යොදා ඇත.

Indian Women
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇයගේ බොහෝ සිතුවම්වල දැක්වෙන්නේ දුඹුරු පැහැති සමක් සහ රෝම පිරුණු අත් පා ඇති කාන්තාවන්ය

ඉහත සිතුවමේ දැක්වෙන කාන්තාවගේ නාසය මෙලනියා ට්‍රම්ප්ගේ නාසයටද, කිහිලි ප්‍රියංකා චොප්රාගේ කිහිලිවලටද, තට්ටම් කිම් කාඩේශියන්ගේ තට්ටම්වලටද, ඇස් ආලේපන කාජල්ටද ඇහි බැම පද්මාවතීට මෙන්ම අනෙකුත් ශරීර කොටස් සියල්ලත් එවැනි ජනප්‍රිය කාන්තා චරිතවලට සමාන කරමින් සිතුවම් කරනු ලැබ ඇත.

එසේම ඒවාට ඇති අකැමැත්ත හස්ත සඥාවක් මගින් සංකේතවත් කරනු ලැබ ඇත.

"මගේ පෞද්ගලික විශ්වාසය නම් මේ වගේ 'අප්‍රසන්න' මාතෘකා ගැන අපක්ෂපාතී සහ විෂය මූලික කර ගත් සංවාද ගොඩනැගීමෙන් මේවා සමාජයේ සාමාන්‍ය දේවල් බවට පත් වෙනවා වගේම, සමහර වෙලාවට අධෝවාත පිටකරනවා වගේ 'දඟකාර සිරිත්' ගැන කතා ද ඇතුළත් වෙන්න ඕන" ඇය කියා සිටින්නීය.

තනිකම සහ මානසික රෝග වැනි අසතුට දනවන පෞද්ගලික ප්‍රශ්න ද සිත්තම් කර පෙන්වීමට කවියා ඉලන්ගෝ සමත් වී ඇත.

"දුක, අහිමිවීම, මානසික ආතතිය සහ තනිකම වැනි දේ වගේම නොයෙකුත් ඇබ්බැහිවීම් ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම තවමත් අපව දැඩි අපහසුතාවට පත් කරනවා" යැයි ඇය පැවසුවාය.

Indian Women
ඡායාරූප ශීර්ෂ වැකිය, තනිකම සහ මානසික රෝග වැනි අසතුට දනවන පෞද්ගලික ප්‍රශ්න ද සිතුවම් කර පෙන්වීමට කවියා ඉලන්ගෝ සමත් වී ඇත

#100daysofdirtylaundry (කුණු රෙදි සේදීමේ දින සියය යන තේරුම) නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරමින් කාන්තාවන්ගේ මාසික ශුද්ධිය වැනි ප්‍රසිද්ධියේ කතා නොකරන මාතෘකා මෙන්ම රූපවාහිනී නාට්‍යය වැඩසටහන් සහ සමාජ මාධ්‍ය ජාලවලට ඇති ඇබ්බැහිවීම පිළිබදව සංවාදයක් ගොඩනැගීමට ඉලන්ගෝ සමත්ව ඇත.

"මම මුලින් හිතුව ආකාරයට උපහාසාත්මක චිත්‍ර ඇතුළත් මෙම ව්‍යාපෘතිය දින 100 කින් සමාජ ජාල තුළ රැල්ලක් ඇති කිරීමට සමත් වුණා" ඇය පැවසුවාය.

ඇය විසින් නිර්මාණය කරන ලද උපහාසාත්මක සහ හාස්‍යජනක සිතුවම් අතර, "සදහටම අන්තර්ජාලයේ" සිටින්නන් ලෙස හඳුන්වන වර්තමාන පරපුර මුහුණ දෙන මානසික පීඩනය පිළිබඳව ද ඇතුළක් කර ඇත.

බොහෝ විට ඇය යොදන ශීර්ෂ පාඨවලට පාදක වන්නේ ජංගම දුරකථන සහ සමාජ ජාල තුළ සිර වී අතොරක් නැතිව ඉහළ පහළ යන වර්තමාන මිනිසුන් පිළිබඳවය.

Indian Women
ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ විට ඇයගේ චිත්‍රවලින් පිළිබිඹු වන්නේ අනතර්ජාලයේ සිටීමෙන් ඇතිවන මානසික ආතතිය පිළිබඳවය

නොයෙකුත් වෙබ් අඩවි සහ 'බ්ලොග්' භාවිතයෙන් මෙවැනි ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට උත්සාහයක යෙදෙන අතර, "වර්තමාන පරපුර මේ වගේ අඳුරු, 'සහස්‍රයේ' ප්‍රශ්න ගැන කතා කරන්නේ memes (මෙමේස්- හාස්‍ය උත්පාදක මුහුණු) යොදා ගනිමින්, හාස්‍යජනක රග දැක්වීමකින්, හාස්‍යය දනවන චිත්‍රයකින් හෝ විහිළු පළ කරන ෆේස්බුක් පිටුවකින්" යැයි ඇය සඳහන් කළාය.

Indian Women
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇය මෙම චිත්‍ර පෙළ "හිතට දැනෙන උපහාසයක්" ලෙස හඳුන්වයි

අන්තර්ජාලයේ සැරිසැරීම තුළින් ලද අත්දැකීම් ඇය මෙසේ සිතුවමට නගන අතර එම චිත්‍ර ප්‍රසිද්ධ කිරීමට සමාජ මාධ්‍ය ජාල කදිම තෝතැන්නක් වී ඇත.

ඉලන්ගෝ පවසන්නේ "සමාජ මාධ්‍ය ජාල නිෂ්ඵල දෙයක් ලෙස හැඳින්වුවත්, එය තම අත් දැකීම් බෙදා ගන්න පුළුවන් ඉතා බලගතු මාධ්‍යයක්" බවය.

ජීවිතයේ "ඍනාත්මක දේවල් ගැන" අවධානය යොමු කිරීම පිළිබදව ඇයට චෝදනා එල්ල වුවත්, බොහෝ දෙනෙක් ඇයගේ මෙම ක්‍රියාව අගය කරති.

"අන්තර්ජාලය ඔස්සේ මාත් සමග සම්බන්ධ වන අමුත්තන් හුඟ දෙනෙක් ඔවුන්ගේ ජීවිත මගේ චිත්‍රවල දැක්වෙනවා වගෙයි කියල පවසනවා. එයින් හැඟී යන්නේ බොහෝ දෙනෙකුගේ සිතුවිලි සහ අත් දැකීම් එක හා සමාන වන බවයි." ඉලන්ගෝ තව දුරටත් පැවසුවාය.

මේ තොරතුරුද කියවන්න: