පසුගිය සතිය; කැමරා කාචයේ මෙසේ සටහන් විය

Published

පසුගිය සතියේ ලෝකයේ නන් දෙස සිදු වූ ජනප්‍රිය පුවත් නැවත සිහිගැන්වෙන, සිත ඇද ගනු ලබන ඡායාරූප පෙළක් ඔබ ඉදිරියේ මෙසේ පෙළ ගස්වමු.

Picture gallery
ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු සහ දකුණු කොරියාව වෙන් කෙරෙන කලාපයේ දකුණු දිශාවට වන්නට පැවැත්වූ අයිස් සැණකෙළියේ දී මිරිදිය මත්ස්‍යයකු බා ගැනීම සමරන පිරිමි ළමයෙක් ,
Picture gallery
ඡායාරූප ශීර්ෂ වැකිය, මොන්ගෝලියාවේ පැවැත්වූ උත්සවයකට සහභාගී වූ ඔටුවෙකු සහ ගැහැණු ළමයෙක්... මෙම උත්සවයේදී ඔටු රේස් සහ රූප රාජිනී තරඟ පැවැත්වෙන අතර, එම අවස්ථාවට ඔටුවන් 200 ක් පමණ සහභාගී වන බව වාර්තා වේ.
Picture gallery
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාවේ දේශ සීමා ආරක්ෂා කිරීමේ බලකායේ (India's Border Security Force) කාන්තා මෝටර් බයිසිකල් කණ්ඩායමක් 'ජනරජ දිනය' නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයක සංදර්ශනයක් සදහා පෙර පුහුණු වීමක යෙදෙන අකාරය මෙම ඡායාරූපයෙන් දැක්වේ. නව දිල්ලි නුවර ශීත සෘතුවේ, දැඩි සීතල උදෑසනක මෙම දර්ශනය කැමරා කාචයක සටහන් වුණි.
Picture gallery
ඡායාරූප ශීර්ෂ වැකිය, කෙන්සිංටන් මාළිගාවේ පඩි පෙළක වාඩි වී සිටින එංගලන්තයේ චාලට් කුමරිය. මෙය චාලට් කුමරිය පෙර පාසල් යන පළමු දිනයේ ඇයගේ මව වන කේට් ආදිපාවරිය විසින් ලබා ගත් ඡායාරූපයකි.
Picture gallery
ඡායාරූප ශීර්ෂ වැකිය, සිරියාවේ හමවුරියා (Hamouria) නගරයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පසු, තම සොහොයුරිය ජීවත්ව සිටිනවා දැක ඇය වැළදගැනීමට සුන්බුන් අතරින් දිව යන කාන්තාවක්. මෙම ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාරවලින් සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් මරා දැමුණි.
Picture gallery
ඡායාරූප ශීර්ෂ වැකිය, ජර්මනියේ මින් මැදුරක ජීවත් වන මුහුදු ජීවියෙකුගේ දත්ත වාර්ෂික ලේඛනයකට ඇතුළත් කිරීමේ අරමුණින්, එම ජීවියාගේ මිනුම් ලබා ගන්නා අවස්ථාවක්.
Picture gallery
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉතියෝපියාවේ ඔර්තඩොක්ස් (Orthodox) ක්‍රිස්තියානු බැතිමතුන් නත්තල සමරන අයුරු මෙම ඡායාරූපයේ දැක්වේ. පැරණි ජුලියන් දින දර්ශකය අනුගමනය කරන ඔර්තඩොක්ස් ක්‍රිස්තියානුවන්, නත්තල සමරන්නේ ජනවාරි හත් වනදාය.
Picture gallery
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ වසර දෙකකට පෙර මියගිය ඩේවිඩ් බෝවි (David Bowie) සිහි කර, උපන් ගමෙහි බිත්තියක ඇදි ඔහුගේ සිතුවමක් ඉදිරියේ රෝස මලක් තබන කාන්තාවකි. ඩේවිඩ් බෝවි බ්‍රිතාන්‍යයෙන් බිහි වුණ ලෝක ප්‍රසිද්ධ ගායකයෙක්, ගීත රචකයෙක් මෙන්ම නළුවෙකි.
Picture gallery
ඡායාරූප ශීර්ෂ වැකිය, අයර්ලන්තයේ ඝන මීදුම අතරින් පෙරට යන පාපැදියක් .... අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක් ද අවලංගු කෙරුණි.
Picture gallery
ඡායාරූප ශීර්ෂ වැකිය, ලන්ඩන් නුවර පැවැත් වූ බෝට්ටු සංදර්ශනයකදී කොර්නිෂ් ක්‍රැබර් (Cornish Crabber) බෝට්ටුවක් ඔප දමන පුද්ගලයෙක් . වසර 40 කට පමණ ඉහත දී ආරම්භ කරන ලද Cornish Crabber යුරෝපයේ ඉතා ප්‍රසිද්ධ බෝට්ටු නිෂ්පාදන සමාගමකි.
Picture gallery
ඡායාරූප ශීර්ෂ වැකිය, 'බිග් ලිට්ල් ලයිස්' (Big Little Lies) වැඩසටහන වෙනුවෙන් ලැබුණ ගෝල්ඩන් ග්ලෝබ්ස් (Golden Globes) සම්මානය සිප ගන්නා හොලිවුඩ් තරු ලෝරා ඩර්න්, නිකෝල් කිඩ්මන්, සෝ ක්‍රවිට්ස්, රීස් විදර්ස්පූන් සහ ෂයිලීන් වුඩ්ලි. හොලිවුඩ් සිනමාවේ අති ජනප්‍රිය තරු බහුතරයක් මෙම උළෙල සඳහා කළු පැහැය තෝරා ගෙන තිබුණේ සිය ක්‍ෂේත්‍රය තුළ වාර්තා වෙමින් ඇති පහර දීම් සහ ලිංගික අතවරවලට විරෝධය පළ කිරීමක් වශයෙනි.

2017 දී ලෝකයේ නන් දෙස සිදුවූ විශේෂ සිද්ධීන් රැගත් ඡායාරූප පෙළක්:

මේ තොරතුරුද දැනගන්න: