ලාස් වේගස්: ජන සමූහයකට වෙඩි ප්‍රහාරයක්

ස්වයංක්‍රීය තුවක්කුවකින් නිකුත්වන වෙඩි හඬ මධ්‍යයේ මිනිසුන් රැස්ව සිටි ස්ථානයෙන් පලා යන ආකාරය
ඡායාරූප ශීර්ෂ වැකිය, ස්වයංක්‍රීය තුවක්කුවකින් නිකුත්වන වෙඩි හඬ මධ්‍යයේ මිනිසුන් රැස්ව සිටි ස්ථානයෙන් පලා යන ආකාරය
Published

ලාස් වේගස් නගරයේ ජන සමූහයක් වෙත එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් 50 දෙනෙකුට අධික පිරිසක් මිය ගොස් ඇති අතර තවත් 406 දෙනෙකු රෝහල්ගත කර ඇත.

අසල පිහිටි හෝටලයක 32වැනි මහලේ සිට තුවක්කුකරු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ එළිමහනේ පැවති සංගීත සැණකෙළියක් නැරඹීමට පැමිණි පිරිසට ය.

මෑත ඉතිහාසයේ එක්සත් ජනපදය තුළ ජන සමූහයකට එකවර එල්ලවූ දරුණුතම වෙඩි ප්‍රහාරය මෙය ලෙස වාර්තා වෙයි.

ස්වයංක්‍රීය තුවක්කුවකින් නිකුත්වන වෙඩි හඬ මධ්‍යයේ මිනිසුන් රැස්ව සිටි ස්ථානයෙන් පලා යන ආකාරය දැක්වෙන වීඩියෝ පට සමාජ ජාලාවලට එක්වී තිබේ.

කලබල වූ පිරිස
වෙඩි ප්‍රහාරය හමුවේ

සැකකරුට වෙඩි තබා මරා දැමූ බවත් ඔහු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 64 හැවිරිදි ස්ටීවන් පැඩොක් බවත් පොලිසිය හෙළිදරව් කළේය. සැකකරු සමඟ සිටි කාන්තාවක් පිළිබඳව සොයමින් සිටින බව ද පොලිසිය ප්‍රකාශ කළේය.

ලාස් වේගස් තීරු මාර්ගයේ වෙනත් ස්ථානවලින් තවත් සිදුවීම් වාර්තා වී තිබුණි.

රෝහල් ප්‍රකාශිකාවක් කියා සිටියේ තුවාල ලබා රෝහල්ගත කළ පිරිස අතරින් 14 දෙනෙකු අසාධ්‍ය තත්වයේ පසුවන බවය.

පලා යන ජනතාව

වෙඩි ප්‍රහාරය සිදු වී ඇත්තේ ලාස් වේගස් හි වේලාවෙන් රාත්‍රී 10.30ට (ග්‍රිනිච් වේලාවෙන් 05.30) පමණය.

වෙඩි උණ්ඩ සිය ගණනක් පිටවන ශබ්දය ඇසුණු බව සාක්ෂිකරුවෝ පවසති.

සිද්ධිය සැළවීමත් සමඟ එම ප්‍රදේශය කරා පියාසර කෙරෙන ගුවන් යානා වෙනත් ස්ථාන වෙත යොමු කර ඇත.

දැඩි ආරක්‍ෂිත රැකවල්
ඡායාරූප ශීර්ෂ වැකිය, දැඩි ආරක්‍ෂිත රැකවල්
සිතියම