එංගලන්තයේ ජනප්‍රියම ළමා නම ඔලීවියා, විලියම් වෙනුවට මොහමඩ්

Names like Arlo and Luna are growing in popularity
Published

එංගලන්තය සහ වේල්සය තුළ දැරියන්ට තබන නම් අතරින් ජනප්‍රියම නම වූ 'ඇමේලියා' පරදා 'ඔලීවියා' ඉදිරියට පැමිණ තිබෙන බව හෙළි වී තිබේ.

ඒ අතර පිරිමි දරුවන්ගේ ජනප්‍රියම නම් දහය අතර තිබුණු 'විලියම්' (William) යටපත් වී 'මොහමඩ්' (Muhammad) ඉදිරියට පැමිණ තිබේ.

2008 දී 2010 දීත් 'ඔලීවියා' දැරියන්ට තබන ජනප්‍රියම නම බවට පත්ව තිබුණු බවත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙම සංඛ්‍යාලේඛන, දෙමාපියන් සිය අලුත් උපන් දරුවන්ගේ උප්පැන්න සහතික සඳහා ලබා දුන් නම් මත පදනම් වන බවත් දෙපාර්තමේන්තුව පවසයි.

ඩේවිඩ් බෙකම් සහ වික්ටෝරියා බෙකම් යුවල සිය දියණියට නම් තැබුවේ 'හාපර්' යනුවෙනි
ඡායාරූප ශීර්ෂ වැකිය, ඩේවිඩ් බෙකම් සහ වික්ටෝරියා බෙකම් යුවල සිය දියණියට නම් තැබුවේ 'හාපර්' යනුවෙනි
ජෝර්ජ් කුමරු උපත ලැබීමෙන් අනතුරුව 'ජෝර්ජ්' නම ද ජනප්‍රිය ළමා නම් අතරට යළිත් එක් වී තිබේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ජෝර්ජ් කුමරු උපත ලැබීමෙන් අනතුරුව 'ජෝර්ජ්' නම ද ජනප්‍රිය ළමා නම් අතරට යළිත් එක් වී තිබේ

බොහෝ බ්‍රිතාන්‍යවාසීන් සිය දරුවන්ට නම් තබන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙමාපියන්ට වඩා ඉතා වෙනස් ආකාරයකටය.

දරුවා පිළිසිඳ ගත් පසුව දරු දැරියන්ගේ නම් සහිත පොත් පෙරළා බලන දෙමාපියෝ, දීර්ඝ තර්ක විතර්ක අවසානයේ ඒ අතරින් සුදුසු නමක් තෝරා ගනිති.

මේ වසරේ 'හාපර්' (Harper) දැරියන්ගේ නම් අතර ජනප්‍රියත්වයෙන් ඉතාම ඉදිරියට පැමිණ තිබෙන අතර, දරුවන්ගේ නම් සම්බන්ධයෙන් එසේ ඉක්මන් ජනප්‍රියත්වයක් ලබා තිබෙන්නේ 'ජැක්සන්' (Jaxon) ය. ඩේවිඩ් බෙකම් සහ වික්ටෝරියා බෙකම් යුවල සිය දියණියට නම් තැබුවේ 'හාපර්' යනුවෙනි.

එංගලන්තයේ ජනප්‍රිය නම්

එංගලන්තය සහ වේල්සය තුළ මේ වසරේත් දරුවන් අතර ජනප්‍රියම නම 'ඔලිවර්' (Oliver) වන නමුත්, ඊශානදිග එංගලන්තයේදී 'හැරී' (Harry) ඉහලම ජනප්‍රියත්වයක් උසුලද්දී ලන්ඩන් නුවර සහ බටහිර මිඩ්ලන්ඩ්ස් ප්‍රදේශයේ 'මොහමඩ්' (Muhammad) ජනප්‍රියම ළමා නම බවට පත්වී තිබේ.

එමෙන්ම යෝර්ක්ෂයර්, ලන්ඩන් සහ මිඩ්ලන්ඩ්ස් ප්‍රදේශවල දැරියන් සඳහා තවමත් ජනප්‍රියම නාමය 'ඇමේලියා' (Amelia) ය.

මීට සිව් වසරකට ඉහතදී ජෝර්ජ් කුමරු උපත ලැබීමෙන් අනතුරුව 'ජෝර්ජ්'නම ද ජනප්‍රිය ළමා නම් අතරට යළිත් එක් වී තිබේ.