'අයන් මෑන්' පියාඹන ඇඳුමේ හිමිකරු ගුවනේ

Richard Browning in Vancouver
Published

'අයන් මෑන්' සුපිරි වීරයා සතු පියඹා යා හැකි ආකාරයේ ඇඳුමක් සැකසූ බ්‍රිතාන්‍ය ජාතික නිර්මාණකරුවා එය භාවිතා කරන ආකාරය මහජනයාට ප්‍රදර්ශනය කිරීමට පියවර ගත්තේය.

'අයන් මෑන්'('Iron Man') යනු ලොව පුරා සිනමා සහ චිත්‍ර කතා රසිකයන් අතර ජනප්‍රිය ප්‍රබන්ධිත වීර චරිතයකි.

රිචර්ඩ් බ්‍රව්නින් නම් එම නිර්මාණකරු 'අයන් මෑන්' ඇඳුමෙන් සැරසී එමගින් පියඹා යන ආකාරය ප්‍රදර්ශනය කරන ලද්දේ කැනඩාවේ වැන්කූවර්හි පැවති තාක්ෂණ සහ නිර්මාණ පිළිබඳ වූ 'Ted' සමුළුවේ දීය.

Richard Browning

වැන්කූවර් සම්මන්ත්‍රණ ශාලාව අසල රැස්ව සිටි විශාල පිරිසක් ඉදිරියේ ඔහු 'අයන් මෑන්' ඇඳුමින් සැරසී පොළොවෙන් මඳක් ඉහළ නැග කෙටි වෙලාවක් ගුවනේ රැඳී සිටියේය.

line
line

සිය නිර්මාණය "හුදු විනෝදය සඳහා පමණක්" සීමා වන කියා සිටින රිචර්ඩ් බ්‍රව්නින්, එය ප්‍රධාන ධාරාවේ ප්‍රවාහන මාධ්‍යයක් බවට පත් වීමේ හැකියාවක් නොමැති බව සඳහන් කළේය.