බ්ලොග් ලියන්නාගේ "සිරුරේ පිහි ඇනුම් 16ක්"

මාලදිවයින් රජය මෙම ඝාතනය හෙළාදකින බව ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ ප්‍රකාශකයෙක් කියා සිටියේය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

මාලදිවයිනේ ප්‍රමුඛ පෙළේ බ්ලොග් ලේඛකයෙකු ඝාතනයකර තිබේ.

යමීන් රෂීඩ් නමැති මෙම බ්ලොග්කරුවා සිය නිවස පිටුපස තරප්පු පෙළක් මත මරා දමා තිබූ බවත් ඔහුගේ සිරුරේ පිහි ඇනුම් දහසයක් දක්නට ලැබුණු බවත් ඔහුගේ පියා පැවසීය.

'ද ඩේලි පැනික්' නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය මෙම ලේඛකයා, 2014 දී අතුරුදහන් වූ මාලදිවයින් මාධ්‍යවේදියෙකුගේ සමීප මිතුරෙකි.

භාෂණයේ නිදහස

මාලදිවයින් රජය මෙම ඝාතනය හෙළාදකින බව ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වී වසර තුනහමාරක් වූ පාලන සාමය තුළ සිය විරුද්ධවාදීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර ඇතැම්හු රටින් පලා ගියහ.

ඝාතනයට ලක් වූ ලේඛකයා මානව හිමිකම් සහ භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි වීරයෙකු බව මාලදිවයිනේ සිටින එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය තානාපතිවරු ප්‍රකාශ කළහ.